💕කුමරි නුඹ නාඬන්..💕 10

476 42 19
                                    


දහවෙනි  කොටස

මෑතක සිට ලොකු පුතු හා ලේලිය අතර විරසකයක් ඇති වී ඇතැයි ශ්‍රියානිට සිතුනු වාර අනන්ත ය. දෙදෙනා මුහුණට මුහුණ හමුවූවත් එකිනෙකා දෙස නොබලා කතා කරන තත්වයට පත් වීමට තරම් ඔවුන් අතර ඇතිවූ ගැටලුව කුමක්දැයි ඇයට අනුමාන කරගත නොහැකි විය. එළබෙන සතියේ රත්වත්තේ සමඟ ඈ සිංගප්පූරු යාමට සැලසුම් කර තිබුනි. එහි යාමට පෙර ඔවුන් අතර කිසියම් විරසයක් ඇත්දැයි අසා දැන ගත යුතුයැයි ශ්‍රියානිට සිතුනි.

නිවස ඉදිරියේ විශාල ගස යට තිබූ කඩා වැටී ගිය කුරුලු කූඩුවක් දෙස සහශ්‍රා  හිස් බැල්මෙන් බලා උන්නා ය. තමාගෙ කැදැල්ලදත් ඒ කැදැල්ලත් අතර වෙනසක් නොවු බව ඇයට වැටහුනි. සහශ්‍රා තම ඉදිරි ජීවිතය පිලිබද ගතයුතු තීරණය කුමක්දැයි සිතාගත නොහැකිව අසරණ වෙමින් උන්නා ය. යුග දිවියක නොවිය යුතු හා නොඇසිය යුතු කටුක වදන් හා සිදුවීම් තමාට මුහුණ දීමට සිදුව තිබුනේ කුමන අභාග්‍යක් නිසාදැයි ඈ කල්පනා කලා ය.  අවුරුදු කිහිපයක් පුරාවට පවුලේ සියල්ල රවටමින් ඔහු මෙලෙස රහස් දිවියක් කෙලෙස ගත කලේද යන්න ඇයට තවමත් අබිරහසකි.

කෙසේ වුවද සහශ්‍රාට සිතූ ලෙසට තම ප්‍රථම ප්‍රේමය අතහැර යාම පහසු නොවූ බව නම් සත්‍යයකි .ඇය සියපත්ගෙ  වහා උණුවෙන හදවතට අපමණ ආලය කලා ය. ඔහු තමා රිදවූ සෑම විටම සමාව අයදමින් ඇයව සිප තුරුලු කරගත් ආකාරය සිහි වී ඇයගේ නෙතට කදුළක් ඉනුවේ ය.

වචනයේ පරිසමාප්තියෙන්ම සියපත් යනු නෙලුම් මලක් මෙන් පාරිශුද්ධ යැයි ඇයට දැනුනි. සැබෑවටම ඔහු තුල තම බිරිඳ පිලිබද ඇති අවංක ප්‍රේමය හා විශ්වාසවන්ත බව ක්‍රියාවෙන් ම ඔප්පු කල සැබෑ ස්වාමිපුරුෂයෙක් නොවේ ද? ඔහු ඒ අඳුරු රාත්‍රියේ පැවසූ වදන් ඇගේ සිතේ යලි යලි රැවුපිලි රැව් දුන්නේ ය.

' මට උඹවත් මේකට පටලවා ගන්න ඕන උන් නැ..ඒකයි මං උඹව මේ තරම් පරිස්සම් කරේ..'

ඔහුගේ ඒ වදන් ඔස්සේ සහශ්‍රා යලි යලි සිතුවේ ය. ඔහු සත්‍ය ප්‍රේමයක ප්‍රතිමූර්තියක් නොවේද? සිංහයා කෙතරම් කුස ගින්නේ උන්නද සුපුරුදු මාංශ මිස තණකොල බුදින්නේ නැත. එසේම ඔහුද තම සිංහ ප්‍රතිපත්තිය කිසි විටක තමා නිසා වෙනසකට ලක් කර තිබුනේ ද නැත. විවාහ දිවියේ ස්වාමිපුරුෂයෙකුගේ චරිතයට වඩා ඔහු තමා කෙරේ දක්වන්නේ කරුණාබරිත චරිතයක් නොවේද?..
සැබෑවටම ඔහු ප්‍රේමයේ ප්‍රතිමූර්තියක් යැයි යලි යලිත් ඇය ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ය. ඒ සිතුවිලි ඈ තව දුරටත් සියපත්ගෙ බන්දනයට බැඳ තබන්නට හේතුවක් විය.

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now