දහඅට වැනි කොටසසියපත් සිය වාහනය රෝහල් භූමියට ඇතුලු කරේ සිතේ තෙරෙපෙන දහසක් හැගීම්වල ස්වාභාවය කෙසේද යන්න පිලිබදව නිර්ණය කර ගත නොහැකිව ය. එක් පසෙක තමාගෙන් වෙන්ව යාමට සැරසෙන සහශ්‍රා ය. අනෙක් පස දෙවනි දරුවා බිහි කිරීමට සූදානමින් රෝහල් ගතව සිටින අංජානා ය. සියපත්ට සහශ්‍රාගෙ වදන් යලි යලි රැව්පිලිරැව් දෙන්නට පටන් ගත්තේ ය.
" මං තීරණයක් ගත්තා සියපත් .." උදෑසන තේ බඳුන පිලිගන්වමින් කියද්දී සියපත් තිගැස්සී ගියේ ය.
" මොකක් ගැනද??.. "
" අපි ගැන.." සහශ්‍රා දැඩි හඬින් කීවා ය.
" මො..මොකද්ද .." සියපත්ගෙ හඬ වෙව්ලමින් තිබුනේ මන්ද
" මං ඔයාගෙන් ඩිවෝස් වෙනවා.." සහශ්‍රා ඔහුගේ මුව දෙස සෘජුව බලා පැවසුවා ය.
සියපත් දෑතින් ම හිස් කෙස් ඇද ගත්තේ ය . කිසිවත් ප්‍රකාශ කර ගත නොහැකි ලෙසට ඔහු අන්ත අසරණ වී සිටියේ ය.
" ඔයා අංජානව ගෙදරට ගේන්න..මං යන්නම්.." සහශ්‍රා පවසද්දී කේසර දැවී ගියේ ය. බොහෝ වෙලාවක් යන තුරු ඔහුන් අතර කතාබහක් නොවී ය.
" මට සමාවෙන්න සහශ්‍රා .. මං ඔයාට වැරද්දක් කරේ.." සියපත් සහශ්‍රා වැළද ගත්තේ වේදනාවෙන් ය.
" ඔයාට ඒක උසාවියෙද්දිත් පිලිගන්න පුළුවන් නම් මේක ඉක්මනට ඉවර කර ගන්න දෙන්නට ම පුළුවන් .." සහශ්‍රා කීවේ එපමණකි. සියපත් දීර්ඝ සුසුමක් හෙලුවා පමණි.
" සියපත් .. මොනවද කල්පනා කරන්නෙ.." අංජානගෙ හඬින් සියපත් අතීතයෙන් මිදුනේ ය.
" මො..මොකුත් නැ අංජු.. ඔයා හොදින් නේද?.. ප්‍රෙශර් එක වැඩි උනාද ආයෙ.." සියපත් සයනය මත පහසුවෙන් උන් සිටින අංජානාගෙන් විමසුවේ ය.
" අනේ මන්දා සියපත් .. මට බයයි.." අංජානා පවසද්දී කේසර විමතියෙන් ඈ දෙස බැලුවේ ය.
" ඇ..ඇයි ඒ.. මොකද්ද ප්‍රශ්නේ.." සියපත් ඇයගේ සුරත අල්ලා ගත්තේ ය.
" අනේ මන්ද.. මේ පාර නිකන් බයයි වගේ.. " අංජානා තම සිතැගි කීවා ය.
" බයවෙන්න දෙයක් නෑ අංජු ..හැමදේම හොදට වෙයි.." ඔහු පහත් වී ඇගේ නළලත සිප ගත්තේ ය. මොහොතක් යන තුරු කිසිවෙක් කතාබස් කළේ නැත.
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...