💕 කුමරි නුඹ නාඬන්.. 💕 21 (අවසාන කොටස)

831 76 40
                                    


අවුරුදු පහකට පසු..

රත්වත්තේ පවුලේ සුසාන භුමියේ එක්තරා ස්මාරකයක් සමීයගේ සහශ්‍රා අපහසුවෙන් හිඳගෙන උන්නේ ය. තෙමසක ගැබිණියක් වූ ඈ නෙතග කදුලක් සමග එම ස්මාරකය දෙස සංවේගයෙන් බලා උන්නා ය." සබ්බං පහාය ගමනීයං.." ලෙස එම ස්මාරකයේ ඉහළින් ම කැටයම් කර තිබුනි. සියල්ල හැර දා යා යුතු බව ඇගවෙන ඒ වදන්වල අරුතයට සහශ්‍රා මොහොතක් කම්පාවී බලා උන්නා ය. සියල්ල නිමා වී අදට හරියට ම පස් අවුරුද්දක් පිරුනා පමණක් බව ඇයට සිහිවිය.

සුපුරුදු වූ ස්පර්ශයක් තම දකුණතට දැනෙද්දී සහශ්‍රා තම මුව මදක් හරවා බැලුවා ය. ඇයගේ ආදරබර ස්වාමිපුරුෂයා   වගකීම්  සහගත දෑසින් සහශ්‍රා දෙස බලා උන්නා ය. මුව පුරා වැවී තිබුනු රැවුල ඔහුගේ පරිණත බව තව තවත්  ඔපමට්ටම් කර ඇතැයි සහශ්‍රාට සිතුනි. සහශ්‍රා ඒ දෑස් දෙස බලා මද සිනාවක් පා ඒ උරහිසේ හිස තබා ගත්තා ය.

" හැමද්ම උනේ අද ඊයේ වගේ දැනෙන්නෙ.." සහශ්‍රා මිමිණුවා ය.

" මටත්.. " ඔහුගේ සිත අවුරුදු පහක් අතීතයට ගමන් කලේ හීයක වේගයෙන් ය.

කේසර නිවසට පැමිණියේ විදේශගත වීමට අවශ්‍ය කරණ ඔහුගේත් සහශ්‍රාගෙත් සියලු ලියවිලි විදේශ සේවා නියුක්ති කාර්‍යාලයට බාර දී අවසන් කරමින් ය. අවසාන වශයෙන් ඔහුට කල යුතුව තිබුනේ සහශ්‍රා ගෙන්වා ගැනීම පමණි. ඔහු එය අවසාන මොහොත වනතුරු ම කල් තබා තිබුනේ ය.

මේ අතර දී බිලිඳා සමඟ තනි වු සියපත්ගෙ මානසික සෞඛ්‍ය කිසිවෙකුත් නොසිතනා මට්ටමකට පිරිහෙමින් තිබුනි. සැබවින් ම ඔහුගේ හැසිරීම්  උම්මත්තක ස්වාබාවයක් දක්වා වර්දනය වෙමින් තිබුනි. කුඩා දැරියට මවක නැති අඩුවත්, එසේ ම තමා ට බිරිඳක නොමැති අඩු පාඩුවත් කවරදාටත් වඩා දැනෙද්දී සියපත් උමතු විය.  ඔහු දෑත් දෙකෙන් ම හිස බදා හැඬුවේ ය. රත්වත්තේ ට මෙන් ම ශ්‍රියානි සිය ලොකු පුතු පිලිබද උපන්නේ වේදනාවකි. ඔහුගේ සිත සාදාගැනීමට කෙසේ උපකාර කලයුතුදැයි සිතා ගත නොහැකිව සියල්ලෝ ම තැවුනහ.

කේසර ද උන්නෙ සිය සොයුරාගේ හැසිරීම රටාව නිසා කැලඹීමට ලක් වෙමින් ය. තමා ඔහුගේ ම බිරිඳ සමග යලි විදේශ ගත වන බව දැන ගතහොත් ඔහුගේ පීඩනය කොතරම් බයානක වේ දැයි සිතමින් කේසර පසුතැවිලි වූවේ ය.

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now