💕 කුමරි නුඹ නාඬන්..💕
දෙවන දිගහැරුම ..
දෙවන ගමනට යන සහශ්රාගෙ වත රතු පැහැති සාරියකින් හැඩ වී තිබුණි . කණ්නාඩියෙන් පිළිබිඹු වන තම රුව දෙස සහශ්රා බලා උන්නේ හිස් බැල්මෙන් ය. දෙවන දිනයට රතු සාරිය අඳිනුයේ අරුතක් සහිතව ය .එහෙත් කිසිදු අරුතක් නොමැති ව තමා මේ රතු සාරියකින් සැරසුණේ මන්දැයි සහශ්රාට සිතාගත නොහැකි විය. ඇයට සාරිය ගලවා විසි කිරීමට සිත් විය.
"මොකද මේ මූණ එල්ලගෙන.."
සහශ්රාගෙ මැලවුනු මුහුණ දෙස බලා ඇයගේ සොහොයුරිය වූ මධුමිනී බැලුවා ය. දෙවනි දිනයට ඈ සරසන ලද්දේ මධුමිනිගේ යෙහෙලියක විසින් ය..
" එදා රෑත් මෙහෙම ගොළු කසාය බීලද හිටියේ ..?"
සිය සොහොයුරියගෙ විහිළුවට සහශ්රා තිගැස්සී ගියාය .'එදා රෑ..' ඒ රාත්රිය ද ඇයට තවත් එක් රාත්රියක් පමණක් විය .වෙනසකට තිබුනේ කාමරයක ද පිරිමියෙකු සමග සිටියදී ඔහු බිම නිදා ගන්නා විට තමා ඇද මත නිදාගත් බව පැවසීම පමණකි. ඒ රාත්රිය එතරම් විශේෂත්වයක් ඇය දුටුවේ නැත .තම මිතුරිය වූ දණුජි පැවැසූ කිසිවක් සිදු නොවූ බව ඇයට පසක් විය.
පසුදින ඈ අවදි වන විට සියපත් පෙනෙන්ට සිටියෙ නැත .ඇය කාමරෙන් ඉවතට ගියේ සුසුමක් හෙළමින් ය. යුවතියක් සිහින මවන මංගල රාත්රිය මෙය ද ?ඇයට සිතා ගත නොහැකි විය . සඳළුතලයට ගිය ඈ වටපිටාව දෙස බැලුවේ හිස් බැල්මෙනි. හෝටලයට පැමිණීමට පෙර තිබූ ලස්සන වටපිටාව ඇයට දැන් පෙනුනේ පාලු වනාන්තරයක් ලෙස පමණි .
" සහශ්රා .. කෑම කන්න අපි කමු පල්ලෙහාට.."
සියපත් පැමිණ කිසිදු වගක් නොමැතිව එසේ පවසද්දී සහශ්රා පුදුමයෙන් ඔහු දෙස බැලුවා ය .ඔහු ඇයගේ දෑස් මඟ හරිමින් ඈත බලා සිටියේය. ඔහුගේ මේ ගුප්ත ස්වභාවය සහශ්රාගේ සිතේ කුතුහලයක් හා විමතියක් ඇති කළේය.
සහශ්රා මුව දොවා පිරිසිදු ඇඳුමකින් සැරසී ඔහු සමග පහල මාලයට ගියේය. මධුසමයට පැමිණි තව යුවල් කිහිපයක් අත්වැල් බැඳ ඔහුනොවුන්ගේ ලෝකවල සිටිනු දුටු සහශ්රාට සුසුමක් පිට වූයේ නිරායාසයෙනි.සියපත් ඇයගෙ කැමැත්ත නොවිමසාම ඔහුගේ කැමැත්තට ආහාර ඇනවුම් කළේය . සියපත් ඇනවුම් කල ආහාර සහශ්රා අනුභව කළේ වටපිට බලමින් ය . මධුසමයට පැමිණි අනෙක් යුවතියන් තම පෙම්වතා දෙස ආදරණීය ලෙස බලමින් දොඩමළු වන අයුරු දුටු ඇයගේ සිත කීරි ගැසී ගියේ ය. ඇය වටපිට නොබලා බත් පතට දෑස් යොමුකර ගත්තේ කලකිරීමෙන් ය.
![](https://img.wattpad.com/cover/281912505-288-k174120.jpg)
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...