💕 කුමරි නුඹ නාඬන්..💕
හතරවන දිග හැරුම
නිවසේ සිට පැමිණි දා සිට සියපත් වෙනස් වී ඇතැයි සහශ්රාට සිතුනි .ඔහු වෙනදාමෙන් සහශ්රා මග හැරියේ නැත. ඇය සමඟ සුහදශීලී ලෙස කතා බස් කොට අදහස් හුවමාරු කරගැනීමට ඔහු පුරුදු විය . සහශ්රාගෙ සිතත් ඔහුට ආදරය කරන්නට පටන් ගත්තේය.
සියපත් පසු දින සිට සහශ්රා සමග කාමරෙ නිදා ගැනීමට ගියේ ඇගෙ ඉල්ලිම නොසලකා හැරිය නොහැකි නිසාවෙන් ය. ඔවුන් දෙදෙනා එකම යහන දෙකට බෙදාගෙන දෙපසට වී නිදා ගැනීමට පුරුදු විය. සහශ්රාගෙ සිරුර සිහිපත්ගෙ ගතේ ස්පර්ශ වෙද්දී තිගැස්සී අවදි වූ සියපත් බිම නිදා ගත්තේ ඔහුගේ හැඟීම් ගිනියම් වේයැයි ඇති වූ බිය නිසාම ය. සියපත්ගෙ මෙම ගුප්ත හැසිරීම සහශ්රාගෙ ඉවසීමේ සීමා බිඳ දැමීමට සමත් වූයේ ඇයටත් නොදැනීම ය.
" අයියේ.." සහශ්රා හඩ අවදිකලා ය. ඒ හඩෙ තිබුනු දැඩි බවට සියපත් හැරී බැලුවේ ය.
" ඔයා ආස කරන වෙන කවුරු හරි ඉන්නවද? " සහශ්රා බොහොකල් හිතේ සගවා සිටි පැනය විමසුවා ය. ඇය කෙදිනක හෝ මේ පැනය විමසන බව ඔහුද දැන සිටියේ ය.
" ඇ..ඇයි ඔයා එහෙම ඇහුවෙ.." සිතේ පවතින තිගැස්සම පිටතට නොපෙන්වීමට උත්සහ දරමින් ඔහු ඇසුවේ ය .
" ඔයාට මං ගැන ආසාවක් නැති නිසයි ඇහුවෙ.." සහශ්රා බිදුනු හඩින් කියද්දි ඔහුගෙ හදවත දියාරු වී ගියේ ය. ඔහු නිහඩව සිටියා මිස කිසිත් කීවේ නැත. නමූදු තවදුරටත් මුනිවත් රැකීමට සහශ්රා සූදානම් වූයේ නැත.
" මොකද්ද ඔයාට තියෙන ප්රශ්නය.." සහශ්රා යලිත් විමසුවේ ඔහුගෙ දෑස් දෙස එක එල්ලේ බලමින් ය. ඒ දෑස් මහ හැරීමට සියපත් වෑයම්කලද ඔහු අසාර්ථක විය.
" මට ඔයාට ළංවෙන්න හිත දෙන්නැති හේතුවක් තියෙනව සහශ්රා .." සියපත් බිඳුනු හඩින් පවසද්දි සහශ්රාගෙ සිතේ කුතුහලය මුලු සරුවාංගය පුරාම විහිදී ගියේ ය .
" හේතුව..හුම්ම්??" සහශ්රාගෙ හඬද බිදීයාමට ආසන්නව තිබිනි.
" මං වැරද්දක් කරන්නේ ඔයාට ..මට ඒ වැරැද්ද ආපහු හදාගන්න බෑ.." ඔහු එසේ පවසද්දී සහශ්රාගෙ කුතුහලය උපරිමයටම ආවේ ය.
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...