💕 කුමරි නුඹ නාඬන්.. 💕
හත්වන දිගහැරුම
මල් වැස්සක් සේ ඇද හැලුණු වර්ෂාව අනෝරා වර්ෂාවක් වන්නට වැඩි වෙලා ගත නොවී ය. වරින් වර නගන හෙන හඬට හා විදුලිය එලියට සහශ්‍රා බියට පත් ව සිටියා ය . එළවළු ගැනීමට පොළට ගිය සිරියානි වැස්සට හසුවී ඇතැයි සහශ්‍රාට අනුමාන කලා ය .
උදෑසනින් ම නා පිරිසුදු වී සිටි ඈ තුවායෙන් තම හිස පිහිදමින් ස්තෝප්පුවට පැමිනියා ය. වැසි සමග හැමූ සීත සුළං ඇගේ ගත වෙලාගනිද්දී ඇයට දැනුණේ අධික සීතලකි. ඉදිරිපිට ගේට්ටුව සම්පූර්ණයෙන් විවෘත පැවතියක් එය වසා දැමීමට මේ වර්ශාව හමුවේ එතනයට යාමට ඇයට නොසිතුනි.ඈ දෑතම බැදගෙන සිරියානිගෙ රුව කුමන හෝ මොහොතක ගේට්ටුව අතරින් දිසවන තුරු බලා උන්නා ය.
සහශ්‍රා තමාට ඉදිරියෙන් වූ විශාල මිදුල දෙස මොහොතක් අවදානය යොමු කලා ය. මිදුල දෙපස නිවසට එන මග දෙපස විශාල මල් පොච්චි සමූහයකින් අලංකාර වී තිබුනි. උක්කුන් පෙරදා පැමිණ මල් පෝච්ච පිලිවෙලට අසුරා මිදුල සකස් කර තිබුනේ ශ්‍රියානිගෙ විදානයට අනුව බව සහශ්‍රාට සිහිවිය. පෙර දින පිපී තිබූ රෝස මල් මහ වරුසාවට හසුව, එකින් එක පෙති ගිලිහී වැටෙන අයුරු ඈ බලා උන්නේ වේදනාවෙන් ය.
එකවරම විවෘතව තිබූ ගේට්ටුවෙන් කලු පැහැති කාර් රථයක් ඇතුළු වෙද්දී සහශ්‍රාගෙ සිතට ගෙන ආවේ කුතුහලයකි.. කලුපාට රථය නිවස ඉදිරිපිට නවතා , වැස්ස ගැන කිසිදු වගක් නොමැතිව ඉන් බැස තෙමි තෙමි එන කේසර දුටු සහශ්‍රාගෙ සිත එක්වරම කැළඹී ගියා ය. හිසකෙස්වල තිබූ ජල බිංදු ඉවත් කරන්නට මෙන් කේසර දෑතින් ම හිස කෙස් පිරිමදිමින් සහශ්‍රා ඉදිරියට පැමිනියේ සිනාවකින් මුව සරසා ගෙන ය.
"කේසර ඔයා මෙහෙ!.??."
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...