💕 කුමරි නුඹ නාඬන්.. 💕 12

426 42 12
                                    


දොළොස්වන කොටස

සයනය මත පෙරළි පෙරළි සහශ්‍රා රහසේ ම කදුලු සැලුවා ය . ඇයට තම හිතේ තෙරෙපෙන සියලු සිතුම් පැතුම් කිසිවෙකුට කීමට අවැසි විය. නමුදු අවම වශයෙන් ඈ තම මිතුරිය වූ දනුජිටවත් කිසිවක් කීමට බිය විය. බියට වඩා ඇයට දැනුනේ ලැජ්ජාවකි.  බාලිකාවේ ලස්සනම යුවතිය අවසානයේදී විවාහ වී තිබුනේ දරුවන් ද සිටින විවාහයෙකු සමග යැයි ආරංචි වුවහොත් තම මිතුරෝ කෙසේ ප්‍රතිචාරයක් දක්වනු ඇතිද යන සිතුවිල්ල සහශ්‍රාව දවා හලු කිරීමට සමත් විය. එහෙයින් ඈ අවම වශයෙන් තම කිසිදු යෙහෙලියක හමුවීමකට පවා නොයෑමට තරම් සිත දැඩි කර ගත්තා ය. දනුජිගේ දෙමස් බිලිදිය දැක ගැනීමට පවා යාමට ඈ අදිමදි කලේ ඒ නිසා ය. මේ සියලු කාරණා ඈ සංතාපයට පත් කිරීමට කටයුතු  යෙදෙමින් පැවතුනි.

පීඩාව තරමක් හෝ දුරු කිරීනට සිය නිවසයට ගියද දෙමාපියන්ට මුහුණ දීමට තරම් ශක්තියක් ඇයට තිබුනේ නැත. තම සිතේ තෙරෙපෙන කෝටියක් සිතුවිලි ඔහුන්ට කියා සිත නිදහස් කර ගැනීමට ඇයට අවශ්‍ය විය. සියපත් පිලිබද සියල්ල මවට පැවසිය යුතු බවට සහශ්‍රාට සිතුනි. එහෙත් ඔහුන්..??

" සහශ්‍රා ..ඩොක්ටර් කෙනෙක්වත් හම්බෙන්න ගියේ නැද්ද?.." දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව සහශ්‍රා තනිකොට ගත් මැනිකේ විමසුවේ සෙමින් ය.

" ඒ මොකටද අම්මේ.." සහශ්‍රා ඇසුවේ නුරුස්සන සුලු ස්වාභාවයෙන් ය.

" ඒ මොකටද අහන්නෙ.. දැන් බැදලත් අවුරුදු දෙකක් වෙනවා.. තාම ළමයෙක් නැත්තේ මොකද දරුවෝ..අක්කටත් දෙවනි ළමය ලැබෙන්න ඉන්නෙ..."

" තවකල් තියෙන්නේ අම්මේ.." සහශ්‍රා නොරිස්සුමෙන් කීවා ය.

සහශ්‍රා දුක කේන්තිය සමග මුසු විය. සිය මව වුවත් ඇයට තම හැගීම් නොතේරීම්  ගැන සහශ්‍රාට දැනුනේ අපමන කලකිරීමකි . මවට කිසිවක් කීමෙන් පලක් නැති බව ඇය අවසානයට තීරණය කලා ය.

" අර බාප්පගෙ දූ නයනි, ගිය අවුරුද්දේ බැන්දේ.. දැන් ළමයෙකුත් නළවනවා.."  සිය මව එක මෙ දේ පුන පුනා කියන කල සහශ්‍රාට දැනුනේ කෝපයකි.

" අම්මලට දැන් ළමයෙක් නෙ ඕනි..හරි..මං කොහොම හරි හදලා දෙන්නම්.."

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now