💕කුමරි නුඹ නාඬන් ... 💕 14

409 45 11
                                    


දා හතරවන කොටස

සියපත් රෝහලට පැමිණෙන විටත් ඔහුගේ තුන් හැවිදිරි සුරතල් පුතුව හිස්කබලේ හදිසි සැත්කමක් සඳහා යොමු කර තිබුනි. සැත්කම් කාමරයට පිට කොරිඩෝවේ උන් අංජානා දෑතින් ම හිස බදාගෙන හැඩූ කදුළින් සියපත් එන තුරු බලා උන්නා ය. කලබලයෙන් එන සියපත් දුටු අංජානාගේ ඉකිබිඳුම  හැඬුනක් දක්වා පරිවර්තනය විමට වැඩිවේලා ගත නොවී ය.

" මට සමාවෙන්න සියපත් .. මට දරුවා බලාගන්න බැරි උනා.." අංජානා තම පසුතැවිලි හඬ යලි යලි පුනරුච්චාරණය කලේ එසේ ය.

" මොකද්ද උනේ.." සියපත් වේදනාවෙන් ඇසුවේ ය.

" මං රෙදි ටික වනන්න ගිය විනාඩි පහට මේ ඔක්කොම උනේ දෙයියනේ.. මට එයාව තනියෙම දාලා යන්නැතුව ඉන්න තිබ්බේ..මං හිතුවෙ නෑ එයා තනියම උඩ තට්ටුවට යාවි කියලා.. " අංජානා අපැදිලිව වදන් ගොනු කරමින් යලි යලි හඬා වැටුනා ය

" දැන් අඩල වැඩක් නෑ අංජානා..මෙතනින් වාඩිවෙන්න.. " සියපත් ඈ වත්තම් කරගෙන අසල තිබූ පුටුව මත වාඩිකරවීය.

" කීයටද ඔපරේෂන් එකට ගත්තේ.."

" දැන් ගත්තා විතරයි ..මොන මොනවද මන්දා ඩොක්‍යුමන්ට් වගයක් සයින් කරන්නත් කිව්වා.." අංජානා කීවේ හිස් හඩින් ය.

සියපත්ට සුසුමක් පිට විය. ඈ සියපත්ගෙ උරහිසේ හිස හොවාගෙන ඇති තරම් හැඩුවා ය. ඇයට සිය දරුවාගෙ ලේ තැවරුනු හිස යලි යලි සිහිවිය. ඈ දරුවා වෙනුවෙන්  මිහිපිට සියලු දෙවි දේවතාවන් යැද්දා ය. ඇයගෙ කන්නලව් අසා දරුවා සුවපත් කිරීනට තරම් ඒ එකදු දෙවියෙකුගේවත්  සිත උණුවේවිද?

සියපත්ගෙ ජංගම දුරකතනය නාදවෙමින් තිබුනි. එය සිය සහෝදයාගෙන් බව  දුටු ඔහු ඇමතුම ප්‍රතික්ෂේප කලේ ය. කේසර යලිත් වරක් ඇමතීමට උත්සහ ගත්තද සියපත් එවරද ඒ ඇමතුම ප්‍රතික්ෂේප කර දුරකතනය විසන්දි කර ගත්තේ ය. එය ගත යුතුම ඇමතුමක් බව ඔහු නොදැනෙන  අරුමය..මේ මොහොතේ එකම රෝහලේ තවත් ශ්‍යාලාගාරයක් තුල   තම දිවියට සම්බන්ද තවත් ජීවිතයක් පණ අදිමින් සිටි වග සියපත් හාංකවිසියක්වත්   දැන උන්නේ නැත.

කේසර රෝහල් කොරිඩෝව දිගේ ඒ මේ අත පිය මැන්නේ නොසන්සුන් සිතින් ය. ඇය සියදිවි නසා ගැනීමට තැත් දැරූ බව ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. තම මිතුරා වූ දනුජයට ඈ අසිහියෙන්  මෙන් කල ප්‍රකාශය කේසර යලි මෙනෙහි කලේ වේදනාවෙන් ය.

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now