Sweet But Psycho ❄️⚡
Psycho 7 - You Are Not Alone
........................................................................
මට ඉතුරු ටික කියාගන්න හම්බුනේ නෑ. මගෙ මැණික මගෙ අත් අතරටම කඩන් වැටුනා. එයාව හයියෙන් ගැහෙන්න ගත්තා හරියට එවෙලේ වතුරෙන් ගිඩට අරගත්තු මාලිවෙක් වගේ. ඇස්වල කලු ඉංගිරියාව උඩට ගියා.
👩⚕ - මල්ලිහ්............
අක්කා දොර ඇරන් ඇතුලට එනවා එක්කම මගෙ මැණිකව නිසොල්මන් උනා.
........................................................................
Wang Yibo's P.O.V
විනාඩියෙන් විනාඩිය ගෙවිලා ගියේ මන් මගෙ මැණිකගෙ මූණ දිහා බලං ඉද්දි. එයාගෙ අතට ගහලා තිබුන සේලයින් එකෙන් බිංදුව බිංදුව එයාගෙ ඇග ඇතුලට ගියා. එයාගෙ මුලු මූණම ලොකු මහන්සි පාටකින් වෙලාගෙන තිබුනේ. මට තාමත් මැවෙනවා එයාව ගැහුන විදිය. Sick කියන එක අහලා තිබුනට ඒක ඇස් දෙකෙන් පලවෙනි වතාවට මන් දැක්කෙ අද.ඒකත් වෙන කාගෙන්වත් නෙවෙයි මන් පණටත් වඩා ආදරේ කරන කෙනාගෙන්.
අක්කා නොහිටින්න මට අද එයාට මොනා වෙයිද කියලා හිතා ගන්න බැරුව හිටියෙ. මගේ බෙල්ලයි පිටයි දෙකම තාමත් දැවිල්ල ඇල්ලුවෙ බනීගෙ නියපොතු වලට පිං සිද්දවෙන්න. දැන් උදේ 9යි. මන් තාම ඇස් පියාගත්තෙ නෑ.... මගෙ මැණික නැගිටිනකං මන් ඉන්න ඕන. එය නැගිටලා ආයෙම කලබල කරයි කියලා මට ලොකු බයක් තියෙන්නෙ.
ඊයේ ඒ සිදුවීමෙන් මන් එකදෙයක් තේරුම් ගත්තා. ඒ ජාන් drugs ලග තියන් ඉන්නෙ නෑ. එයාගෙ ඇගට ඒවා පිටින් ඇතුල් වෙන්නේ. බෙහෙත් වලිනුත් වෙන්න බෑ. මොකද අක්කා හැමදාම බෙහෙත් දෙන වෙලාවට ඉන්නවා. තව අච්චර දෙයක් වෙලත් මෙලෝ සිහියක් නැතුව නිදාගෙන හිටපු බනීගෙ room එකේ nurse ගැනත් මට ලොකු සැකයක් තිබ්බෙ. ඒකමයි මන් අක්කට කියලා එයාගෙ blood එකක් check කෙරෙව්වෙ.
DU LIEST GERADE
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER