Sweet But Psycho ❄️⚡
Psycho 8 - Come With Me
........................................................................
ඒ කලු පාට බෝල ඇස් අස්සෙ මන් හිර වෙද්දි, මගේම ඡායාව එයාගෙ ඇස් අස්සෙන් පේද්දි මන් අන්තිමට එයාට මිමිණුවා. මෙච්චර කල් හිතේ හිරකරන් හිටපු ඒ හැගීම.
🦁 - මන් ආදරෙයි මගෙ මැණිකට ගොඩක්.
........................................................................
Xiao Zhan's P.O.V
අන්තිමට.......අන්තිමට මන් ඒ වචනට ටික ඇහුවා. දැන් මට මැරුනත් කමක් නෑ. එයා මට ආදරෙයි. පලවෙනි වතාවට දෙවියෝ මන් කියපු දේකට ඇහුංකන් දීලද කොහෙද. මගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනෙ සතුටට. මට සතුටුයි.... නෑ ඊටත් වඩා සතුටුයි. මන් ඉකි ගහ ගහම එයාට තුරුල් උනා. මන් හොයපු උනුහුම, ආරක්ශාව මට ඒ පපුව අස්සෙන් මදි නොකියන්න දැනුනා.
🐰 - මාත් ආදරෙයි මගෙ බෝබෝ
මන් ඒ පපුව අස්සෙ ඉදන්ම මිමිණුවා. අන්තිමට මට සැනසීමෙන් ඉන්න පුලුවන්. මට ආයෙ දුක් විදින්න වෙන එකකුත් නෑ. මැරෙනකම්ම...... මැරෙනකම්ම මට මේ පපුව අස්සෙ ඉන්න ලැබුනොත් ඇති.
🦁 - මගෙ මැණික.........
එයා මගෙ ඔලුව ඉබින ගමන් නවත්තන්නෙ නැතුවම මිමිණුවා. " මැණික " ඒ අකුරු තුනට තියෙන්නෙ පුදුමාකාර ශක්තියක්. පෑරිච්ච හදවතක් එක මොහොතකින් ඒ අකුරු තුනට හොද කරන්න පුලුවන්.
🐰 - මාව අතාරින්න එපා ලියෝ. මට ඒ ඇති
මන් ඒ පපුවෙන් මිදිලා එයාගෙ ඇස් වලට එබෙන ගමන් කිව්වා. මට බයයි. මන් ආදරේ කරන අය නැති වෙනවට මන් බයයි. මන් මෙච්චර හරි ඉවසන්නෙත් මන් ආදරේ කරන අය වෙනුවෙන්. මට එයාලව නැති වෙනකං නිකං ඉන්න බෑ.
🦁 - නෑ මැණික අතාරින්නෙ නෑ කවදාවත්ම. හැමදාම බනී අයිති මේ ලියෝට විතරමයි.
එයා මගෙ නලල උඩට තොල් තද කරන ගමන් කිව්වා. ඉතිං තව මොනාද. මට ඒ හොදටම ඇති. ඒ හාදුවෙන් මට එයාගෙ ආදරේ දැනුනා. තව මුකුත් ඕන නෑ මට.
YOU ARE READING
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER