Psycho 13 ❄️⚡ - I'm Lying

1.3K 308 56
                                    

Sweet But Psycho ❄️⚡

Psycho 13 - I'm Lying

........................................................................

මට වාහනේ එලවගන්නවත් සිහියක් තිබුනෙ නැත්තෙ බනී සැරින් සැරේට පියාගන්න හදන ඇස් වැහෙන්නෙ දෙන්නෙ නැතිවෙන්න තියාගන්න ඕන නිසා. අනූනවයෙන් දෙපාරක්ම accident නොවී බේරිලා පැය බාගෙකින් වගේ මන් hospital එක ලගින් නැවැත්තුවා. එහෙම්ම බනීව අත් දෙකටම උස්ස ගත්තු මම ඇතුලට දිව්වෙ අක්කටත් කෑගහගෙනමයි.

🦁 - අක්කෙ......අක්කෙ අනේහ්.........

........................................................................

Wang Yibo's P.O.V

හරියටම දැන් පැයක්. අක්කා තාම එලියට ආවේ නෑ. මගෙ බනී........මගෙ මැණික...... මන් නිසාද එයාට එහෙම උනේ..... මට ඒ දවස විශේෂ දවසක් කරන්න ඕන මගෙ බනියො. ඒකයි මන් ඉවසන්න කියන්නෙ....... ඒත් මෙහෙම............

👩‍⚕‍ - මල්ලි

අක්කා ඇවිත් උරහිසට අත තියනකංම මන් වාඩි වෙලා ඔලුව අත් දෙකෙන්ම බදන් හිටියා.

🦁 - අක්කෙ මගෙ බනීට.......එයා හොදින් නේද

👩‍⚕‍ - ම්ම්......දැන් නං හොදින්.එයා බෙහෙත් බිව්වෙ නැද්ද...... මන් කිව්වා නේ මාස 3ක්වත් යනකම් බෙහෙත් එකදිගට දෙන්න කියලා. එයා තාම අවදනම් තත්ත්වෙ ඉන්නෙ. අනික එයා මොනාට හරි stress වෙලා තියෙනවා.

🦁 - දැන් මොකද අක්කෙ මන් කරන්න ඕන.

👩‍⚕‍ - තව ටිකකින් සිහිය එයි..එතකොට කතා කරන්න.

අක්කා මාත් එක්ක කතා කලේ හිත හොදකින් නෙවේ. ඔව් එහෙම වෙන්න එපැයි. මන් එයාට පොරොන්දු උනානේ මගෙ හා පැටියව පරිස්සමට බලාගන්නවා කියලා. ඒත් දවස් 3යි ගියේ. එයා ආයෙම hospital......... මන් හිමීට දොර ඇරන් ඇතුලට ගියා.

අදත් බනීගෙ අත් දෙකටම කටු ගහලා. ලේත් දෙනවා.....එයාගෙ අතක් bandage කරලා. ඒ තුවාල උන අත වෙන්න ඇති. එයා නං මුකුත් නොවුන ගානට ඇස් පියාගෙන ඉන්නවා. මන් තමයි පිච්චෙන්නෙ....මන් එයාගෙ ලගට ගිහින් පුටුවක් ඇදලා වාඩි උනා.

🦁 - මගෙ මැණික.......

මන් එහෙම්ම පහත් වෙලා එයාගෙ නලල සිප ගෙන ඔලුව අත ගාන්න ගත්තා. එයාගෙ කෙස් හරිම සිනිදුයි... පොඩි ලමයෙක්ගෙ වගේ. කොච්චර බලං හිටියත් එපා වෙන්නෙ නැති මූණක් එයාට තිබ්බෙ. ඒ ඇහිබැමි,ඇස්,නහය, තොල් හැමඑකක්ම කිසිම අඩුවක් නැතුව සර්ව සම්පූර්ණ විදියට එයාට පිහිටලා තිබ්බා. එයාගෙ ලස්සන තවත් වැඩි උනේ එයාගෙ තොල් වලට පහලින් තිබුන චූටි මෝල් එක. එයා ඒකට ගොඩක් ලස්සනයි වගේම හරිම සරාගියි. මන් ඒ මෝල් එකට පහත් වෙලා එතනටත් සිපුමක් තිබ්බා.

Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now