Sweet But Psycho ❄️⚡
Psycho 21 - The Last Kiss
........................................................................
ඔයා වෙනුවෙන්
මන් වෙනුවෙන්
අපි දෙන්නම වෙනුවෙන්
🐰 - පපා............මාව මරන්න please ........
........................................................................
Wang Yibo's P.O.V
මරන්න.........උබව මරන්නෙ කොහොමද මැණික මම. මෙතන උබ වෙනුවට වෙන කෙනෙක් හිටියා නං මන් උගෙ ඇගිල්ලෙන් ඇගිල්ල ගලවලා මරන්නෙ. ඒත් ඇයි මැණික ඒ උබම උනේ...........උබගෙ මූණ බලාගෙන මන් කොහොමද උබව මරලා දාන්නෙ. මට බෑ මැණික.......මට බෑ........ උබේ බැල්මටත් ආදරේ කරන මම කොහොමද කියපං........කොහොමද.........
මන් ඒ මූණ දිහා බලං ඉදලා නැගිටලා එලියට ආවා. මං කෙලින්ම ඇවිත් සෝෆා එක ඉස්සරහින් වාඩි වෙලා tv එක on කලා. දන්නවද අද තමයි මේ අවුරුදු ගානකට පස්සෙ මන් tv එක බලන්නෙ. මන් tv බලන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තිබ්බෙ. ඒත් අද මට නිකමට tv එක දාගන්න හිතුනා. ඒත් මන් ඔහේ channel මාරු කරපු එක විතරයි කලේ. මට ඒක් දිහා බලං ඉන්න තරං මානසිකත්වයක් තිබුනෙ නෑ. මගෙ මොලේ තනිකර වැඩ කලේ මගෙ මැණික විතරයි. ඒත් එකපාරටම breaking news එකක් යන්න ගත්තෙ මගෙ කන් ඔක්කොම අගුල් වැටිලා යද්දි.
" මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්. ප්රසිද්ද ව්යාපාරික Jung Kim Woo මහතා විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග වදින බව අපිට දැන් ලැබුනු ආරංචි.................... "
කාලකණ්ණියා.......... උබ.......... උබ කොහොමද බල්ලො ඔහොම පණ පිටින් ඉන්නේ.....මගෙ තාත්තගෙන් උදුර ගත්තු ලේ දුවන්නෙ උබෙ ඇගේ.........උබට පුතා නැති උන එකවත් ගානක් නැති බල්ලා...... මරනවා උබව............ පාර්ලිමේන්තු යන්න නේද........ඊට කලින් උබගෙ පුතාගෙ ඔලුව එවන්නං උබට තෑග්ගක් විදියට මම......
මගෙ ඇගේ යකා ආයෙම නැගිට්ටා. ඒ කාලකණ්ණි මූණ දකිද්දි මගෙ අත්මිට මෙලවුනා......... අයියයි මමයි අවුරුදු ගානක් දුක් වින්දා......... ඒවට පලි ගන්නම ඕන........
දඩාං 💥
මන් නැගිටලා ගිහින් tv එක උස්සලා පොලවේ ගැහුවා.... මට කේන්තියි. මගෙ ඇගම වෙව්ලනවා. මන් කොණ්ඩෙන් ඇද ඇද එහෙට මෙහට ඇවිද්දෙ පිස්සුවෙන් වගේ. මගෙ ඇග ඇතුලෙන් ගිනි කන්දක් පුපුරලා වගේ. ඇගම රස්නෙයි. නලල දිගේ ආපු දාඩිය බිංදුවක් එහෙම්ම මගෙ බෙල්ල දිගේ පහලට රූටලා ගියා. මන් අඩියට දෙකට ගියේ මගෙ කාමරේට.
YOU ARE READING
Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction" I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER