"ආ.. එයා කා එක ගාව.. එද්දි ඔයාලට ඕනි බඩු වගයක් ගත්තා ඒ ටික කා එකෙන් අරං එයි.. ඔය එන්නෙ කියන කොටම..ඒ මගේ පුතා............."
"මො....මොකාක්.. ජන්කුක් 😲" ශෙලීට එක පාරටම කෑ ගැහුනා
"අහ්.. ශෙලී ඔයා කුකී ව දන්නවද? "
"ආන්ටි.. මෙයාද ඔයාගෙ පුතා.. ඔහ් මම අදයි දන්නෙ.. ඔව් අපි අහම්බෙන් ග්‍රවුන්ඩ් එකෙදි හම්බුනා නෙ.. " ආලිත් කුකී දිහා බලාගෙනම කිව්වා..
"ශෙලි නූනා 😲 එතකොට ඔයාද අපෙ ඔම්මගෙ කසින් ආලි.. " ඔන්න ජන්කුක් ජන්ශොක් වෙලා 🥴
"ආ.. හරි හරි.. යමු යමු ඇතුලට.. එන්න කුකී එන්න ආන්ටි.. යමු.. "
කට්ටිය ඇතුලට යද්දි ශිනූ ටේබල් එක ලෑස්ති කර කර හිටියෙ..
"අහ්.. ආන්ටි.. ඔයාලා වාඩි වෙන්න.. මම වතුර එක අරගෙන එන්නම් 😊"
ශිනු එහෙම කියාගෙනම ගියෙ එතන හිටි අයගෙ මූනු දිහා එච්චර උවමනාවෙන් බලලා නෙවෙයි.. ලෑස්ති කරලම කතා කරනවා කියලා හිතන් කෙල්ල බරටම වැඩ.. හැබැයි අපෙ කුක්කගෙ ඇස් කටෙ..
"මේ.. ආලි නූනා.. ශිනුත් ඔයාලා එක්කද ඉන්නෙ 😳"
"ඔව් පොඩ්ඩො.. අපි තුන එකට ඉන්නෙ.."
"ආ මේ කුකි.. ශිනු ට නම කියලා කතා කරලා අපිට විතරක් නූනා නූනා ගාන්න ඔට්ටූ නෑ හරිද.. අනික නූනා ගාන්න අපි ඒ හැටි වැඩිමල් නෑ.. ඔයාට වඩා.. මේ කුකි ඔයාගෙ වයස කීයද හැබෑට.."
ශෙලී එහෙම ඇහුවම අර හා දත් දෙකත් එලියට දාලා "මට 18 යි 🙈" ඔන්න ඔහොම කිව්වා..
"ඒයි.. අපිට වඩා අවුරුද්දයි පොඩි.. විකාර නැතුව නම කියලා කතා කරන්න අප්පා නූනා නූනා ගාන්නෙ.. "
"හරි ඉතිං 😁"
"අහම්බෙන් හම්බුනා කිව්වට ඔයාලා හොදට දන්නවා වගෙනෙ කතාව ඈ" ඔන්න ආන්ටිත් ඉතිං මෙ කෙහෙල් මල අවුස්සන්න හදනවා.
"අහම්බෙන් කිව්වට ඉතිං අපි පොඩි මැච් එකක් ප්ලේ කරා 😁 "
"එහෙමද ආලියො.. ඉතිං කවුද දිනුවෙ.."
"දිනුවෙ ඉතිං අ........"
"එන්න ඔයාලා වාඩි වෙන්න.. අපි කන ගමන් කතා කරමු 😁😁"