ජිමින් රාමේන් බෝල් එක අරං ශිනුට කටවල් දෙක තුනක් කැවුවා..
"දැන් ඕක කන ගමන් බලා ගන්න.. මේ විදියට එක ස්ටික් එකක් ඇගිලි අතර රදවගෙන අනික මෙහෙම අල්ලගන්න.. "
"වව් බව් වව් වව්... කැහ්.. "
"😑 කියන මගුලක් ඕක ගිලලා කියපිය ඕයි.. මට තේරෙන්නෑ.. "
"නෑ මං කීවෙ ඉතිං ඔච්චර දෙයක් කරන්න ඕනි යෑ ගෑරුප්පුවක් තිබ්බා නම් ඉවරනෙ.. වැඩෙත් ලේසියි.. "
"😐 තොට කියන කට හොදයි හන් ගගෙ ඔබන්න.. "
"හී 😁 "
"දැන් හොදයිද බණ්ඩිය.. "
"තවම ටිකක් තියෙ.. ආආ මෙහ්.. රසයි ඈ මේක.. "
"ඒම තමා මං වැඩක් කරොත් 😌 "
"😒 ආපො හරි හරි.. "
"කෝ කට අරින්න.. "
"ඇපො ඔය මැදැ කවා ගත්තා.. ඒකිගෙ අත් දෙක හොදට තියෙනවනෙ බං.. මගුල මං දැන් පැයකටත් වැඩි මෙ මල කෝලං බලං හිටියා.. අපිට කවන්න තමා බල්ලෙක්වත් නැත්තෙ 😒 "
"😑 සුගා හියුන්.. මොකක්ද ඕයි.. ෆීලින් එකම කෑවා.. "
"කිචන් එක මේ ගෙදර හැමෝටම පොදුයි.. තොපි මෙතන අරක් ගත්තූ මල පෙරේතයො දෙන්නා වගෙ මෙතන මගුල් නට නට කනවා.. පවු නිසා මං සද්ද කරෙත් නැත්තෙ.. මේකිත් දාන්න තියෙන පාට් ඔක්කොම දාලා කුපාඩි වැඩ කරන්නෙ අපිට තමා.. ජිමිනා දැක්ක ගමන් බෙල්ල බදං කරේ.. අපිට කොයින්ද මාළු.. අපි යන්නෙ නෑනෙ මූදූ 😑 "
"ඉතිං හියුන්... මගෙ කෙල්ල මගෙ කරෙ එල්ලෙන්නැතුව ඔයාගෙ කරෙ එල්ලෙනයෑ.. නේද බබා.. බබ්... යකොව්.. මේකි කාලනෙ ඔක්කොම 😐 "
ජිමින් සුගා එක්ක කෑ ගහගන්න අතරතුරේදි අපෙ ශිනූවා මුළු රාමේන් කප් එකම හිස් කරලා හෙන ගොං හිනාවකුත් දාං බලං ඉන්නවා..
"😂 ඇත්ද තොට.. මං කිව්වෙ මේකිගෙ අත් දෙක හොදට තියෙනව තෝ නැහෙන්නැතුව හිටු කියලා.. හූහූ.. "
"😒 "
"ජිමිනා.... 😳 "
ශිනූ ෆෝන් එක දිහා බලලා ජිමින්ට කතා කරෙ භය වෙලා වගෙ..
"මොකො.. "
"නිශ් ඔන්නිටයි ජුන් ඔප්පටයි කිව්වද? දැන් වෙලාව උදේ 11යි.. මේ පීඩී නිම් මට මැසෙජ් එකක් එව්වා ඒ අයගෙ ෆෝන් වැඩ නෑ කියලා.. "
