Part 34

320 70 124
                                    

ශිනූ ජිමින්ගෙ කම්මුලට කිස් එකකුත් දීලා ආයෙම බ්ලැන්කට් එක අස්සෙ ඔළුව ඔබා ගත්තා..

"ඒ.... "

"හ්ම්? "

"මගෙ ඇදුම් ටික 🥺"

"😂😂😂 "

"පුතාලා මම ඇතුලට එන්නද? " අජුම්මා එලියෙ ඉදං කතා කරා..

"අහ්.. එන්න අජුම්මා.. "

"පුතා... කෝ දුව? ඇවිද ගන්නත් බැරුව කොහෙද ගියේ... "

"කොහෙවත් ගියෙ නෑ අජුම්මා.. මේ ශීට් එක අස්සෙ.. මේ එලියට පැනලා තියෙන්නෙ කකුලෙ ඇගිලල්කුත් 😂🙈"

"😂 අනෙ ඔයාලා දෙන්නා හරි හුරතල් අනේ.. පුතා තටාකෙ උණු වතුර ලේස්ති කරා මං.. දූවවත් එක්කගෙන සෝදගෙන ඇදුම් ටික ඇද ගන්න එතන ඇදුම් ඇති... "

"ලංකාවෙත් ඔහොමයි.. යංකො ඒනං.. පූල් එකකට පැනපු කාලයක් මතක නෑ... අ.... අහ්.. ආව්වා 🥺 "

ශිනූ ආයෙ බ්ලැන්කට් එකත් කකුල් දෙකෙ ඔතාගෙන නැගිට්ට පාර ආයෙ යටපත් වෙලා තිබ්බ වේදනාව නිසා බඩත් අල්ලගෙන වැටෙන්න ගිහිං ජිමින් ඉක්මනට අල්ල ගත්තා..

"පස්ස කැඩිච්ච කඩියා වගෙ දුවන්නැතුව ඉන්නවා ඕයි.. මෙන්න මෙහෙ එනවා යන්න.. "

ජිමින් ශිනූව බ්‍රයිඩල් ටයිප් එකට උස්සගෙන තටාකෙට ගියා..

"ඒ මේක මරුනෙ 😍😍😍 "

"කේක් ගෙඩ්ඩ වගෙ මගෙ අතෙ ඉදිද්දි මරු තමා.. නරකද ටිකක් ඇවිද්දොත්.. 😒"

"ඉතිං තමුසෙනෙ මාව උස්සන් ඉන්නෙ.. ඇත්තටම මෙච්චර ඇවිද ගන්න බැරි වෙන්න මොකක්ද මට උනෙ.. තමුසෙගෙ වැඩක් එහෙම නෙවෙයිනෙ? 😶 "

"අ...බ්..බ....බ.. පිස්සුද.. තමුසෙට දීපු බෙහෙත් නිසා ඔය බඩ රිදෙන්නෙ.. අනික මං හිටියෙ ඇද ගැට්ටට ඔළුව තියං.. ලෙඩින් ඉන්න තොට අහවල් එකක් කරන්න මට පිස්සු යෑ... "

"හරි හරි ඉතිං.. කෝ දැන් මාව බිමින් තියනවකො... "

තටාකේ තිබ්බෙ තවත් කුටියක් ඇතුලෙ.. මැද ට වෙන්න වගේ.. වටේ ඇවිදින්න පුළුවන්.. ඒ නිසා ජිමින් ශීනූව බිමින් තිබ්බෙ ටිකක් ඇවිද්දවන්න..

"හම්මො ඇති යන්තං.. අජුම්මා දීපුවට දැන් නම් අඩුයි වගෙ.. කලින් හෙල්ලුනත් රිදෙනවා.. දැන් තමුසෙ ගල් ඉබ්බා වගෙ ඉන්නෙ මාව ඇවිද්දවනවා... "

⭕ Mission ⭕Where stories live. Discover now