ජන්කුක් කොච්චර කතා කරත් ශෙලි ලිප උඩ තිබ්බ සුප් එක හැදි ගගා හිටිය මිසක ඒ පැත්ත වත් බැළුවෙ නෑ.. ටික වෙලාවක් යනකං කුක්කගෙන් කිසි සද්දයක් නැති නිසා ශෙලි හිමින් සැරේ කුකී දිහා බැළුව.. මේ කොල්ලා ඇගිලිත් කපාගෙන ලේත් බේරි බේරි ශෙලි දිහා බලං ඉන්නව..
"කූ.... 😳 "
ශෙලි සුප් එක බලන එක පැත්තක තියලා දුවලා ගිහිං ජංකුක්ගෙ අත අල්ලගත්තත් කුකි ලේ එක්කම අත ගසල පැත්තකට කර ගත්තා..
"මෙන්න මෙහෙ දෙනවා.. ආව මෙතන මුරණ්ඩු වෙන්න.. කරන්න බැරි නම් මට දුන්නා නම් ඉවරනෙ... බබා අපි ඇවිදින්න යමුද බබා අරකයි බබා මේකයි ගගා ඉන්නැතුව.. බලනව මේ ලේ.. ටිකක් පරිස්සමින් වැඩ කරන්න බෑ තාසෙට.. මෝඩ හාවා.. "
"අහ්... ස්ස්ස්... "
සර්ජිකල් තවරද්දි කුකීගෙ ඇගිලි වලින් දැවිලල්ක් ආව නිසා කුකීගෙ කටින් යම් කෙදිරියක් නැගුන විගස ශෙලී ද කටින් පිබිමින් ඇගිලි වලට සිසිලසක් ගෙනදුන්නෙ කුකීට ගොඩක් රිදුනා යැයි සිතාය.. කුකි අනිත් අතින් ශෙලීගෙ ඔළුව අත ගාන්න අත තිබ්බද තිබ්බ තරහට ශෙලීද ඔළුව එහාට කර ගත්තෙ කුකි තවත් සුසුමක් පිට කරද්දියි..
"යනවා රූම් එකට.. මං මෙතන බලා ගන්නම්.. ගීහිං ඔය ඇගිලි පාරව ගන්නැතුව ඉන්න පරිස්සමින්.. "
ශෙලි ඇහෙන් නැගුන කදුලත් මැඩගෙන නාසයත් උඩට අදිමින් කිව්වෙ කුකීගෙ මුහුණවත් නොබලාය..
"ඇගිලි ටික කෙසේ වෙතත් ඔහොම කරද්දි මෙතන නම් රිදෙනවා ගොඩක්.. "
කුකි එක් අතක් තමන්ගෙ පුපුවට තියලා පෙන්නුවෙ ශෙලිත් ඔළුව උස්සල බලද්දිමයි.. කුකීගෙ ඒ අහිංසක දෑස් හා බිදුණු කටහඩ හමුවෙ මෙතුවක් වෙලා තද කරං සිටි කදුළු බින්දුවද ශෙලීගෙ ඇස්වලින් ගිලිහුනෙ පාලනයක් රහිත තවත් කදුළු පොදියකට පියමන් තනමින්..
ශෙලීගෙ පලවෙනි කදුළු බිංදුව ඇස් අගින් ගිලිහෙද්දිම කුකී ශෙලී ලගට ගිහිං ඇයව තදින්ම තම පපුවට තුරුළු කර ගත්තෙ ඉකියක්ද ශෙලීගෙ හැඩුමට එකතු කරමින්.. ශෙලි කුකීගෙ හූඩි එක අත් දෙකෙන්ම තදින් මිරික ගත්තෙ ඉකියත් සමගමයි.. කුකි එක් අතකින් ශෙලීගෙ හිස පිරිමදිමින් තුවාල උන අතින් පිටට සිහින් තට්ටුවක් දැම්මෙ ඒ හදවතෙන් ගලන සෙනෙහසද ශෙලීට දැනෙන්නට ඉඩ හරිමින්..