ජිමින් මේසෙ ගාව කොන්ඩෙට බූල් එකක් දදා කෑම එකට ඇහැ දාගෙන හිටි ශිනූව ඇදලා අරං බිත්තියට තියලා තද කරලා ශිනූ කොන්ඩෙට දාපු බූල් එක ගලවලා පැත්තකට දැම්මා..
"අ.....ඇයි මොකො 😳"
"මොකක්ද කිව්වෙ... ෆක් ජිමින් ම්ම්? "
ජිමින් ශිනූව තමන්ගෙ ඇගටත් බිත්තියටත් තියලා තද කරෙ ශිනූගෙ වේගවත් හද ගැස්ම ජිමින්ට පවා දැනෙන විදියට..
"ආ... න් නමට නව අරුතක් දුන්නා.. ඒ...එච්චර හිතන්නෙපා. 😳"
"කට නම් අඩු නෑ ම්ම්? "
ජිමින් ශිනූ ගෙ මූනට තවත් ලං වෙද්දි ශිනූගෙ ඇස් නිකංම පියවුනෙ තවත් වේගෙන් හද ගැස්ම වැඩි වෙද්දිමයි.. ජිමින් ශීනූගෙ කන් පෙති වලට ලං උනෙ ඒ උණුසුම් හුස්ම ඒ සීතල කන්පෙති වලට දැනෙන විදියට..
"මම පාක් ජිමින්.. ඒත් නමට නව අරුතක් දීලා මාව ෆක් ජිමින් කරා නම් ඒ නමේ අරුතට මම හැසිරෙන්නත් දන්නවා.. "
ජිමින් ශිනූගෙ කනට ලංවෙලා ඒ දේ කිව්වෙ සංසුන්ව.. හිමින්.. ඒ වගෙම ශිනූගෙ මූළු ඇගම හිරිවට්ටලා...
"මොකො චණ්ඩි රැජිනගෙ කට වැහිලා.. රියසල් එකක් බලාගන්න කැමතිද ෆක් ජිමින් ගෙ..."
ජිමින් ශිනූගෙ කන් පෙත්තක් ලාවට දත් අතරට ගන්න ගමන් ඇහුවා.. ඒ පාර නම් කෙල්ලගෙ කකුල් දෙකත් පණ නෑ වගෙ..
"ශිනුච්චියෝ... කෑවද්....... ආ ම....මං පස්සෙ එන්නං... 🙄"
සීන් එකෙ හොදම හරිය යද්දි එතනට කඩාගෙන පාත් උනෙ ශෙලි... ඒ අතරෙ ශොක් උන අපෙ ශිනුමින් ඩබලට කර කියාගන්න දෙයක් නැති උනා..
"ආ... දැන් ඇහැ හරිද.. මට හිතුනා ඔච්චර බෝල කර කර ඉදිද්දි ඇහැට රොඩු යයි කියලා... "
ජිමින් ශිනුගෙ ඇහැකට පිබින ගමන් ඇහුවා...
"අහ්.. ශෙලි.. මම කෑම එක දෙන්න එද්දි මූ ඉන්නවා ඇහැ අත ගගා.. ඉතිං මං මෙ රොඩ්ඩ අයින් කරා..."
ජිමින් එහෙම කිව්වම ශෙලිත් ඔළුව කස කස කියාපු එකට නම් ශිනුමින් දෙන්නට කෙලත් හිර උනා..
"ආ... ඒක සාමාන්‍යයී ජිමිනා... මම බලපු රොමෑන්ස් ඩ්‍රාමා හැම එකෙම ඔය රොඩ්ඩ කෙල්ලගෙ ඇහැට යනවා... 😁"