ශිනූ ඇස් පොඩි කරකර ඇදේ වාඩි වෙන්න හදද්දි දැක්කෙ එයාගෙ කකුල් මසාජ් කරන ජිමින්ව.. කෙල්ලට හෙන ගැහුවා වගෙ ඇදෙන් බිමට පැනලා දුවන්න හැදුවෙ දවල් සීන් එක මතක් වෙලා... ඒත්.. මේ කෙල්ලගෙ කකුල් වල ජෙල් නිසා අඩිය තියපු හැටියෙ ජකබකස් උනා කියලද හිතුවෙ..
නෑනෑ.. ලිස්සපු හැටියෙ ජිමින් ශිනූගෙ කිහිලි දෙක අතරින් අත් යවලා වැටෙන්නෙ නැති විදියට අල්ල ගත්තා. අපෙ ගොනී එක තැන දුවනවා 🥴.. ජිමින් අත් යටින් ශිනූ ව ඇල්ලුවත් ශිනූට දැනුනෙ ඒ අසල වෙන ප්‍රදේශයක් ඒ අත් අතරට යට වෙලා කියලා (තේරුම් ගනිල්ලා ඈ 🙄).. ජිමිනටත් ඒක මීටර් වෙලා මේ කෙල්ල මෙතන ලැජ්ජාවෙ දිය වෙන්න කලින් එහෙම්මම අනිත් පැත්ත හැරිලා හිටි ශිනූගෙ දණහිස් දෙක යටින් අනිත් අත දාලා මේකි උස්සලා ඇද උඩට විසික් කරා...
"බුහ්... බුදාම්මො නාහෙ 😐"
"කොහෙද ඕයි පිස්සෙක් වගෙ දුවන්න හදන්නෙ.. මෙට්‍රස් එකෙ නාහෙ ඇනිච්ච එකට සතුටු වෙනවා.. මම අල්ල නොගත්තා නම් තමුසෙගෙ නාහෙ බිම ඇනිලා තියෙයි ඕං ඔහොක් වෙලා තැලිලා 😒 "
"ආ... හරි හරි ඉතිං... දැම් මොකො මෙ රූම් එකෙ.. චැහ් මෙ කකුලෙ මොනාද සෙවෙල වගෙ ☹️"
"ශිනූ ඇද උඩ එරමිණිය ගහගෙන තමන්ගෙ යටිපතුල් දිහා බලාගෙන කිව්වා..
"පතුල් වල නම් තියෙන්නෙ ජෙල්... දැන් මට කියනවා තමුසෙගෙ කකුල් ඔච්චර පැළුනෙ කොහොමද කියලා... රතුත් වෙලා..🤨"
"ආ... මේ අර මම හිටං හිටියනෙ පැයක් විතර.. බොලාගෙ මහ ලොකු ගාඩ් එකෙන් මාව එව්වෙ නෑනෙ 😒"
"ශින්යා බොරු කියන්න ලෑස්ති වෙන්න එපා 🤬"
"මං මොකටද බොරු කියන්නෙ.. ඇත්ත කීවෙ.."
"ආ.. එහෙමද මැඩම්.. තමුසෙ වැම්පයර් කෙනෙක් හරි වෙයා වුල්ෆ් කෙනෙක් හරිද කියනවා මුලින්.."
"හපුච්චො.. මං මනුස්පයෙක් 😂 බට් මිනිස්සු මට සත්තුන්ගෙ නම් වලිනුත් කතා කරනවා ඉතිං 😒 අර මොකෑ එහෙම ඇහුවෙ.. ඇයි තමුසෙ එහෙම එකෙක්ද? 😳"
"ශිනූ විහිළු නවත්තනවා... මම තමුසෙ ගෙන් එහෙම ඇහුවෙ තමුසෙගෙ කකුල් පැළුනෙ ගේ ඉස්සරහ හිටන් ඉදලා නම්.. ඔය පැළුම් තුවාල ඔය ඉක්මනට හොද වෙන්න තමුසෙ මනුස්සයෙක් වෙන්න බෑනෙ... බොරු නවත්තලා කියනවා.."