Part 3

499 83 29
                                    

පැය කිහිපයකට පසුව එයා සෝල් ගුවන්තොටුපළ ට ආවා... කෙල්ල ප්ලේන් එකෙන් බැහැලා ලොකූ හුස්මක් අරං පිට කරා... රෑ 8 විතර වෙලා වෙලාව.. ශිනු එයාගෙ සූට් කේස් එකත් ඇදගෙන හිමින් හිමින් යද්දි එකපාරටම........

"ආයිශ්... මගෙ ඇදුම... කොහෙ බලන්නද අප්පා යන්නෙ? 😫😫"

"අනෙ මට සමාවෙන්න... අත පිච්...... 😮 ඔයා..."

"මො....කාක්.... අඩෙ උඹ...😮"

ශිනු බිම බලාගෙන යද්දි ඉස්සරහින් ආපු Girl කෙනෙක්ගෙ ඇගෙ හැප්පුනා... එයා ආවෙ Hot coffee එකක් බොන ගමන්... ශිනු ඇගෙ හැප්පුනු පාර එයාගෙ කොෆි එක ඇදුමෙ ඉහිරුනා... ශිනු ඔළුව උස්සනවත් එක්කම පුදුම උනෙ හීනෙකින් වත් ඉදි කියලා නොහිතපු කෙනෙක් නිසා.....

ශෙනාලි තමා ශින්යාගෙ ඇගෙ හැප්පුනෙ.. ශිනුට ඇස් අදහගන්නත් බෑ... මොකද තනියම ඉන්න හිතාන ආපු රටෙ එයාගෙ පන වගෙ යාළුවා ඉදි කියලා නිකමටවත් හිතුනෙ නෑනෙ...

"අනෙ ශිනුවො... උඹ ආවද.... අනෙ..."

ශෙලි එහෙම කියාගෙන ශිනුව බදා ගත්තා... ශිනූගෙත් මෙතෙක් නැති උනු සතුටු මුහුණ දැන් ටික ටික මතූ වෙනවා....

"අනෙ.. ශෙලි... උඹ හම්බවෙයි කියලා හිතුවෙ නෑ බං...❤️"

"ආහ්... උඹ කොහෙද ඉන්නෙ.. ඇවිත් ගොඩක් දවස්ද බං..😃"

" අද බං මම ආවෙ... ඉන්න තැනක් හොයා ගත්තෙ නෑ 😔"

"ඉතිං බල්ලො අපි එක්ක ඉමුකො මැණිකෙ... අපෙ ඇනෙක්ස් එකෙ ඉඩ තියෙ... අනෙ වරෙංකො බං...."

"ඇහ්... අපි කීවෙ? 🤔 කවුද තව ඉන්නෙ? 😳"

"මමත් යාළුවෙක් එක්ක ඉන්නෙ බං... ඌයි මායි ඉන්නෙ... උගෙ නැන්දා තමා ඇනෙක්ස් එක හොයලා දුන්නෙ... ඇන්ටිත් එනවා බලලා යන්න එහෙම... "

"ආහ්... හරි එන්නම්කො...මේ මහ රෑ කෝපි බිබී මොකක්ද පාරෙ කරන්නෙ? 🤨"

"යාළුවා නිදි.. මට කෝපි එකක් බිබී පොඩි walk එකක් දාන්න හිතුනා... ඉතිං ආවා..😁"

ශින්යයි ශෙනාලියි මෙහෙම කතා කර කර ඇනෙක්ස් එකට ගියා... ශෙලි දොර ඇරපු හැටියෙ එයාගෙ යාළුවා හිටියෙ  අතු ගගා...

"කොහෙද හාල්පාරුවෝ ටො මාව දාල ග්ග්....😮😮😮"

"ශෙලි... මේ මං හිතන කෙනාද කියාම්..😳😳"

⭕ Mission ⭕Where stories live. Discover now