Part 10

261 59 79
                                    

ශිනූ ස්ප්‍රයිට් බෝතලේ හොබී අතට දෙද්දි එතන හිටි ජින් oppa ශිනූගෙ අත අල්ල ගත්තා.. ජින් ශිනූගෙ අත හැරෙව්වමයි දැක්කෙ අතේ දියබුබුළු වගයක් පුපුරලා තියෙනවා..

"මේ මොකද මේ 😳😳"

"ආ... අද පොත් ඇද්දනෙ.. ඒවට ඕවා ඇවිත් තිබ්බා.. මම හිතන්නෙ දැන් බයික් එක රයිඩ් කරද්දි හැඩ්ල් එකෙ තිබ්බ අර කටු කටු වගේ රබර් ග්ලිප් එකට මේවා පුපුරන්නැති..."

"ඈ... ඉන්නකො.. කෝ අද පොත් ඇදපු අනිත් පස් දෙනාම මේසෙ උඩ තමන්ගෙ අත් දිගාරින්න බලන්න 🤨🤨"

ජින් ඔප්පා නම් ඇත්තටම ඔම්මෙක් අප්පෙක් වගේ.. එයාගෙ පොඩි මල්ලිලා නංගිලා ගැන ගොඩක් හොයනවා... විමින්කුක් තුන් දෙනයි ආලි ශෙලි දෙන්නයි අත් මේසෙ උඩ දිගෑරියා.. එතකොටයි දැක්කෙ ඔය කීව විදියටම ඒ පස් දෙනාගෙත් අත් රතුවෙලා.. හැබැයි දිය බුදුළු පුපුරලා තිබුනෙ නෑ... ශෙලි ගෙයි කුකි ගෙයි වැඩිය තුවාල වෙලා තිබුනෙත් නෑ මොකද දෙන්නා වැඩි වෙලාවක් අතුගෑව නෙ..

"අනෙ මගෙ පැටවු ටික 🥺🥺 ඉන්න මම බෙහෙත් දාන්න... කෝ එන්න පෝලිමට..."

අනේ ජින් ඔප්පා... ඇයි ඔයා ඔහොම 🥺🥺 ඇත්තටම ඒ ආදරේට කියන්න වචන නැහැ.. ජින් හැමෝගෙන අත් වලට පිබ පිබ බෙහෙත් දාලා ප්ලාස්ටර් ඇලෙව්වා... ස'ජිකල් තුවාලෙ තැවරෙද්දි නම් හය දෙනාටම ඇස් වැහිලා දත් මිටි කැවුනෙ ගොඩක් දැවිල්ල නිසා...

"දැන් ඔයාලා ඔය ගෙනාපුවා කන්නකො.. කාලා ඉතුරු ටික කරමු.. "

ජුන් ඔප්පා කෙල්ලො තුනටයි විමින්කුක් තුනටයි  එහෙම කියලා එයත් ඇවිත් ගෙනාපුවා කන්න ගත්තා...

"යුංගි!!!! මෙහෙ එනවා.. මොන ජාතියෙ එකෙක්ද මංදා යන යන තැන බුදි.. ඇහැරිලා නිදිමරං කොරන වැඩකුත් නෑ හැබැයි බුදි 😐😐"

ජින් යුංගි ඔප්පට කැ ගහපු පැර ඇස් දෙකත් පොඩි කර කර එතනට ආවා.. ඔව් යුංගි අහන්නෙ ජින් කියන දේයි නම්ජුන් කියන දේයි විතරයි

"හාආආ 🥱 ඇයි හියුන් 😴"

"මෙන්න මේ පීසා එකහමාර බෙදාගෙන කන්න ජුන් එක්ක.. ඒ වගේම විමින්කුක් තුන් දෙනාට කවන්න ඕනි.. මොකද දැන් නෙ තුවාල වලට බෙහෙත් දැම්මෙ... "

⭕ Mission ⭕Donde viven las historias. Descúbrelo ahora