Part 31

247 66 132
                                    

ආලි ටේට මැසෙජ් එකක් දැම්මා අනිත් අය ඇහුවොත් කියන්න එයයි ශෙලියි කොෆි බොන්න ගියා කියලා... ඒ වගෙම ජිමින් ජින්ට කිව්වෙ අප්පගෙ කැෆේ එකට යනවා බය වෙන්න එපා කියලා.. කට්ටියම හිටියෙ ශිනූගෙ ඔම්මගෙ රූම් එක ඉස්සරහ..

"ශිනූ බබා.. කොහොමද ඔයාට?.."

"හොදයි ජියෝන් අංකල් 😁 අංකල්ට කෝමද?"

ශිනූ කුකීගෙ අත එහාට කරන ගමන් කිව්වා..

"මට නම් බිසී ඉතිං.. මම ඔයාගෙ ඔම්මව චෙක් කරන්න යනවා.. ඔයාලත් කැමති නම් එන්න.. හැමෝම ඇතුලට එන්නත් එපා.. කොටසින් කොටස එන්න.. "

ආන්ටි හිටි රූම් එක ගොඩක් ලොකුයි VIP රූම් එකක්.. ශිනූ ඇතුලට ගිය හැටියෙ ඔම්මගෙ අතක් අල්ලගත්තා.. අවුරුදු 5 කට පස්සෙ ඒ ස්පර්ශය ලැබෙන්නෙ.. කුකීත් ශිනූ අල්ලගෙන හිටි ආන්ටිගෙ අතම අත ගෑවා.. ජින් නම්ජුන් දෙන්නා එයාල දෙන්නගෙ අප්පා එක්ක ශිනූගෙ ඔම්මගෙ ඩොකියුමන්ට්ස් බලන්න ගිහිං..  සුගා පුටුවක නිදි කිරනවා.. හොබියි ටේයි බලං ඉන්නවා..

මිස්ටර් ජියෝන් ඇවිත් ඔම්මගෙ මූණ දැක්ක හැටියෙ එක පාරටම ශොක් උනා..

"ඩ්...ඩේනු 😳😳 දෙයියනෙ.. ඩේනු ද මේ?"

"අංකල් මොන ඩේනුද 🙄 මේ දයානි රත්නායක.. ඩේනූ නෙවෙ.." ශිනූ උත්තර දුන්නා..

"නෑ.. මේ මගෙ ඩේනු 🥺 මීට අවුරුදු 22කට කලින් මා එක්ක හිටි මගෙ ඩේනූ.."

"අප්පා!! මේ ශිනූගෙ ඔම්මා.. ඔයා මොනවද කියවන්නෙ.." කුකි කලබලෙන් වගේ ඇහුවා..

ජියෝන් ඉක්මනට තමන්ගෙ ෆෝන් එක අරං කුකීගෙ ඔම්මට කෝල් එකක් දුන්නා..

"හෙලෝ.. සෝහු.. අනෙ ඉක්මනට එන්න හොස්පිටල් එකට.. ඩේනු 🥺🥺 ඩේනු.. මෙතන.."

"මොකක්. හරි හරි මම එනවා..."  කුකිගෙ ඔම්මා සෝහු කෝල් එකත් කට් කරලා හොස්පිටල් එකට එන්න පිටත් උනා..

අංකල් ජියෝන් ශිනූගෙ ඔම්මගෙ අනිත් අතින් අල්ලගත්තෙ කුකියි ශිනුයි ඔම්මගෙ ඉතුරු අතින් අල්ලන් ඉදිද්දිමයි.. අංකල්ගෙ ඇස් වලින් වැටුන කදුළු බිංදුවක් ශිනූගෙ ඔම්මගෙ මුහුණට වැටෙද්දිම වගේ ඔම්මට සවි කරලා තිබුන යන්ත්‍ර වල යම් යම් වෙනස් වීම් වෙන්න ගත්තා.. හෘදය සාමාන්‍ය විදියට ගැහෙන්න ගත්තා.. අත් පවා ටික ටික සාමාන්‍ය උශ්ණත්වයට එනවාත් එක්කම ඇස් අගින් කදුළු බේරෙන්න ගත්තා.. ශිනූට දැනුනා අම්මගෙ අත් සෙලවෙනවා වගේ..

⭕ Mission ⭕Where stories live. Discover now