ඔය ඉන්නෙ බොසා කාරයා ශිනූගෙ.. හිත යන එක සාධාරණයි ඕයි 🙈🙈🙈🙈
"හ්ම්.. මේක ගන්න.. "
"සර්?? 😳"
"ඔව්... මොකද නුහුරු දෙයක් දිහා බලනවා වගෙ බලන්නෙ ආ... ට්‍රේනින් එකෙදි මේවා පුරුදු උනානෙ.."
"සර් ගන් එකක්?? ඒත් මං හිතුවෙ නෑ මට ලැබෙයි කියලා..."
"ගන් එකක් නැතුව මොන රටේද නිලධාරීන් මිශන් වලට යවන්නෙ.. ආ මේකත් ගන්න.."
"මේ යතුරක්නෙ.."
"ඔව්... අද ඉදන් ඔය බයික් එක ඔයාගෙ.. ඔයාට ඕක භාවිතා කරන්නත් පුළුවන්.. එහෙම නැත්නම් ඔයාගෙ ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරන්නත් පුළුවන්.. "
"නෑ සර් මම මේක ගන්නම්.. තෑන්ක්ස් සර්.."
"හ්ම්.. මේ කාඩ් එක පෙන්නලා ඇතුල් වෙන්න.. ඔයාට ප්‍රශ්නයක් වෙන්නෑ.. "
"හරි සර්..."
"එහෙනම් ගුඩ් ලක්.. හොදට වැඩෙ කරන්න.. "
"හරි සර්.... "
ශිනූ සර්ට ආචාර කරලා එලියට ආවෙ ලොකු හුස්මක් අරං.. වෙලාව 7:45 විතර වෙලා...ශිනූ බයික් එකටත් නැගලා බිග් හිට් එකට ආවෙ හිතෙ පොඩි තිගැස්මක් තියෙද්දිමයි...
'හම්මටසිරි මේ මගුලෙ උස... දැන් ඉතිං ශිනුවො අර බූරුවයි උගෙ අයියලා මල්ලිලා සෙට් එකයි රැකපං ඈ.. උගෙ විතරයෑ.. මගෙත් නෙ හුම්... මං මෙ මගුලක් හිතනවා... සැක් යංකො හොයාගෙන දැන්...'