Part 32

241 62 149
                                    

"ශෙලී.. ඔය ඇති බං... වතුර කියල හිතුවද ආ.. ඔය ඇති... "

"තා....එක ශ්...ශොට් එකයි..."

"උඹ ඔය රෙඩ් වයින් බොන්නෙ.. බලහං දැනටම බෝතලයක් ඉවරයි.. මම සද්ද නැතුව උන්නෙ තොගෙ දුක නිවෙන්න නිසා..."

ශෙලී ආලිවත් ඇදං ආවෙ බොන තැනකට.. ආලී බිව්වෙ නැතත් ශෙලි නම් බීගෙන බීගෙන ගියේ හිතෙ හිතෙ දුක ඔක්කොම නැති වෙලා යයි කියල හිතලා.. ආලිට මේක තවත් ඉවසන්න බැරි උන නිසා එයා කැම් එක ඔන් කරලා ශෙලීව වීඩියො වෙන විදියට තිබ්බා..

"ආ.....ලී "  ශෙලී වෙරි මතේ කියෝනවා

"හ්ම්.. කියපං.. මං මෙතන.."

"ඇයි බං කූ බබාට තේරෙන්නෙ නැත්තෙ 😭"

"කෝ මැණික අඩන්නෙපා ඉතිං.. "

"ම්...මේ බලාම්.. මේ ෆොටො.. මේ දවසක් ට්‍රිප් එ...එකක් හික්.. ට්‍රිප් එකක් ගිහිං මතකද එදා කූ බබා මගෙ ඔඩොක්කුවෙ නිදි.. මම.. කම්මුලට උම්මා එකකුත් දුන්නා 🙈🙈"

"මේ බර්ත්ඩෙ එකක් දාසෙ... අපි කූ එක්ක සමරපු පලවෙනි එක.. එදා.. කූ මාව හග් කරා.. ද්....දන්නවද කොච්චර සතුටුද කියලා... දන්නවද?? දන්නවද?"

"ගොඩක් සතුටුයි නේද.."

"හිකිස්... මට එදා.. කූ බබාව අතාරින්න හිතුන් නෑ.. මේමයි බොක්ක.. ශ්...ශිනූ මගෙ බොක්ක.. මගෙ නංගි.. කූ බබා... ඒකිට කැමති නම්.. මං ඕකෙ.. ඒ ඔලමොට්ටලයට අවුරුදු ගානක මගෙ ලව් එක තේරුන් නෑ.. මෝඩ හාවා..."

"ඒ...එක පාරක්.. කූ මට කිව්වා.. එයාගෙ බාත්රොබ් එක දෙන්න කියලා.. 🙈🙈 ඇස් වහං දුන්නට දැක්කා මං 🙈🙈"

"🥺 අනෙ ශෙලී... ඇති බං.. "

"නෑ.. මං තාම ඉවර නෑ.. අද දුක නිවෙනකං බොනවා... ශ්...ශිනූ කුක්.. සතුටින් ඉදපල්ලා.. ස්ටේ හැපි ෆොරෙවර්.. හික්.. හැබැයි.. කූ බබො.. මං ඔහෙට තවමත් ආදරෙයි.. ඒක නැති වෙන්නෑ.. හික්.."

ආලි වීඩියෝ එක නවත්තලා ටේට මැසෙජ් එකක් දැම්මා..

"ටේ...බබා ඔයා ඉන්නවද? "

"හ්ම්.. කියන්න පැටියෝ.. "

"මම දැන් වීඩියෝ එකක් එවනවා.. ඒක කවුරුත් නැති තැන බලන්න.. "

⭕ Mission ⭕Where stories live. Discover now