කොච්චර තමන්ව පාලනය කර ගන්න බැරි උනත් ජිමින්ට සිද්ද උනා අකමැත්තෙන් උනත් ඒ හැගීම් මරලා දාන්න.. මොකද මේ ඒකට හොද වෙලාව නෙවෙයි.. ජිමින් ශිනූගෙ මුළු ඇගම තෙත ටවල් එකකින් පිහදාලා ජිමින්ගෙ සිල්ක් ශර්ට් එක ඇන්දුවා.. මොකද ඕකි නැගිට්ට වෙලාවක ඇග දැකලා මෙතන දහ අට සන්නිය නටන නිසා... බෙඩ් ශීට් එකත් පෙරවලා කිචන් එකට ගියේ බෙහෙත් ටික ශිනූට පොවන්න ඕනි නිසා මිල්ක්ශේක් එකක් හදන් එන්න..
බඩ බොකු කූල් වෙලා යන්න සුපිරි මිල්ක්ශේක් එකක් හදාගෙන ජිමින් ආවෙ 😂 අයිස් දාලා හොදට.. ඩොකා කිව්වනෙ බඩ කූල් වෙන්න මොනා හරි දෙන්න කියල.. එද්දිත් අර පෙරවපු විදියටම ශිනූ ඉන්නව.. පේන්කිලර්ස් වල සැරටයි තවම හිදුනෙ නැති මත් ගතියටයි ශිනූ තවමත් මලාණිකයි...
"ශිනුච්චියෝ.. කෝ.. නැගිටලා මේ මිල්ක්ශේක් එකක් බොන්න... "
ම්හු.. සද්දයක් නෑ.. ඒකා බුදි...
"නැගිටිනවකො.. ඔළුව උස්සන්න.. කෝ ඉතිං.."
ජිමින් ශිනූව ඇදලා කෙලින් කරලා ඇද විට්ටමට හේත්තු කරා.. මේකි කෙලින් ඉන්න එකෙක් යෑ.. ඔළුව හැලෙනව 😐🖐🏻
"ආයිශ්... මූගෙ ඔළුව හැලෙනව නෙ.. හයියො මේමත් කෙල්ලෙක්.. "
ජිමින් ශිනූගෙ ඔළුව අරං එයාට හේත්තු කරගෙන මිල්ක්ශේක් එක කට ගාවට කරා..
"කෝ.. මේක බොන්න.. බෙහෙත් ටික බොන්න ඕනි.. බලන්න වෙලාව තුනටත් ලගයි.. කෝ කෝ.. ශිනූ.. නැගිටිනව කිව්වම.. "
"බෙහෙත් බොන්න බෑ... බිව්වම බඩ දැවිල්ලයි.."
"ඒම කියල බෑනෙ.. මේක බොන්න දැවිල්ල අඩු වෙයි..."
"මොනාද ඔය.."
"මිල්ක්ශේක්.. මේක බොන ගමන් බෙහෙත් ටිකත් බොමු හාද... "
"අනෙ මල ජරාව.. මට බෑ බොන්න.. "
"හ්ම්.. එහෙනම් මේ මිලික්ශේක් එක බොන්නකො.. "
ශිනූ හිමින් සැරේ කිරි එක බොද්දි ජිමින් ශිනූගෙ බෙහෙත් ටික එයාගෙ කටට දාගෙන ශිනූගෙ මූණ අත් අතරට අරගෙන හාදුවකින් ඔක්කොම බෙහෙත් ටික ශිනූගෙ කටට දැම්මා..
ජිමින් අතින්ම ශිනූගෙ කට තද කරෙ බෙහෙත් එලියට දාන්න බැරි වෙන්න.. කිරි එක අතට දුන්නත් කෙල්ල බිව්වෙ නැති නිසා ජිමින් ආයෙම කිරි උගුරක් කටට දාගෙන ආයෙම හාදුවකින් මුළු බෙහෙත් ටිකම ශිනූට පෙව්වා.. 😐