Part 39

231 56 12
                                    

"එ..එයාට මං හිතන්නෙ උණ ගන්න වගේ.. මං කිව්වා රෙස්ට් කරන්න කියලා.. "

'ම්ම්ම්.. උණ නෙහ් 🌚 '

ජිමින් ආයෙත් සිහින් හිනාවක් මුවගට අරං ඇගිලි වලින් තමන්ගෙ නිකට අත ගාන ගමන් හිතුවා.. මේ අතර ටේයි ආලියි දෙන්නාත් සේප් එකෙ පහලට ආවා...

"ආලියෝ.. උම්මාහ් 😗 "

ශිනුවා දුවලා ගිහිං ආලිගෙ ඇගට පැන්නෙ පැන්ඩෙක් වගෙ ඇගේ එල්ලිලා.. ඒකි ඔහොම තමා ශෙලි ආලි දෙන්නගෙ කරෙ.. හැබැයි අද ආලි ඉන්නෙ හරියට හිට ගන්නවත් බැරුවනෙ.. මේකි බිමට වැටෙයි කියල අල්ලගත්තත් ආලි ශිනුවත් අල්ලගෙනම බිමට වැටෙන්න ගියේ කන්ට්‍රෝල් නැතුව.. පිටිපස්සෙන් ටේ හිටි නිසා ආලි වැටුනෙ ටේගෙ ඇගට.. ශිනුවා ආලිගෙ ඇග උඩ.. මොකාටවත් හිතා ගන්න බෑ මොකක්ද ඒ උනෙ කියල.. ටේ ට බුදු ගනන්.. 😂

"අහ්.. ශිනූ.. "

ආලිගෙ ඇස් වලින් එක පාරට කදුළු පැන්නෙ ශිනූවත් බය කරලා..

"ඒ.. මොකො මෙ.. අඩන්නෙ.. වෙනදත් මං ඕම පනිනවනෙ.. ආලියො උඹ හොදින්ද.. "

ශිනූ ආලිව හිමින් සැරෙ නැගිට්ටවන ගමන් ඇහුවා..

"බබා ගොඩක් රිදෙනවද.. "

ටේ ආලිව තමන්ගෙ ඇගට හේත්තු කරගෙන පිට අත ගාන ගමන් ඇහුව.. හැමෝටම මේක පුදුමයක් උනේ ආලි වැටුනෙත් ටේගෙ ඇගටනෙ.. අනික වේගෙන් නෙවෙ.. කදුළු එන්න තරම් රිදෙන්න විදියක් නෑ කියල හැමෝම දන්නව..

"ආලි.. මොකද උනේ.. උඹ හොදින් ද.. ටේගෙ ඇගට වැටුන නිසා උඹෙ ඇග කොහෙවත් වැදුනෙ වත් නෑනෙ.. "

"නෑ ශෙලි.. මගෙ බඩ රිදෙනව.. මං හිතන්නෙ ඊයෙ සෝජු බිව්වනෙ.. ඒ නිසා වෙන්නැති.. "

ආලි බොරුවක් ගොතලා කිව්වා.. මේ අතර ජිමින් බැළුවෙ ආලි අත් තියන් ඉන්න දිහා.. සෝජු බිලා නම් යටි බඩ රිදෙන්නෙ නෑ සාමාන්‍යයෙන්.. ඒත් ආලි අල්ලන් ඉන්නෙ යටි බඩ.. ඒ අස්සෙ ටේත් ඇහුවෙ බබා ගොඩක් රිදෙනවද කියල..

'ඈ.. ඇයි මට මෙතන මොකක්හරි වෙනසක් දැනෙන්නෙ.. '

ජිමිනා හිතද්දි ටේ අනිත් අයටත් කියලා ආලිව වඩාගෙන හිමින් සැරෙ රූම් එකට ගියා.. ටිකකින් ආයෙ ටේ ආවෙ ආලිගෙ බඩ තවන්න කියලා ජින් ගෙන් වතුර බෝල් එකක් අරං යන්න.. ටේ රූම් එකට ගිය හැටියෙ ජිමිනත් සේප් එකෙ දොරට කන තිබ්බෙ හිතෙ පැටළුන ප්‍රශ්නෙට විසසුමක් ලැබෙයිද බලන්න..

⭕ Mission ⭕Where stories live. Discover now