"ජිමින් තමුසෙගෙ කන් ඇහෙන්නැද්ද.. අරිනවා මේ දොර 🤬"
ජිමින් වෙඩිල්ලක් වගෙ දුවලා ගිහිං දොර ඇරියා... දොර ඇරපු හැටියෙ ශිනූ රූම් එක ඇතුලට කඩාගෙන පැන්නෙ සුනාමිය ආවා වගෙ...
"ශ්... ශිනූ.. මොකො මෙ.."
"ආ.. මේක ගන්නවා.. "
"මම ඩයට් කරනව නෙ. "
"ඩයට් කරනවා කියන්නෙ නොකා ඉන්න එකද ආආ 😡"
"මම කිරි එකක් බිව්වා.."
"කිරි?? කිරි පොවනවා තමුසෙට මං.. "
"පොවනවද? 🙊🙈"
"ජිමින් මෙහ්... තමුසෙ දැන් මේක කනවද? නැත්නම් අඩි හයක් පොලොවෙ යටට යනවද?"
ශිනූ ඉනේ ගහං හිටි ගන් එක අරං ජිමින්ගෙ ඔළුවට තිබ්බා.. බය වෙන්නෙපා.. ගන් එක ලෝඩ් කරලා නෑ.. වෙඩි වදින්නෑ.. ඔය ජිමිනා බය කරන්න කරෙ..
"ශ්... ශිනූ.. ඔය.. ඔය සෙල්ලං ගන් එකක් නෙහ් 😳"
"තමුසෙ දන්නවනෙ මම කවුද කියලා.. මගේ ගාව සෙල්ලං තුවක්කු නෑ.. "
ඒ පාර නම් ජිමිනා හොදටම බය උනේ දවාලෙ සිහි නැති වෙලෙ බය වෙලා අඩන්න ඔන්න මෙන්න හිටි හුරතල් කෙල්ලමද මේ කියලා.. ශිනූ තවත් ගන් එක ජිමින්ගෙ ඔළුවට තද කරා.. ජිමිනා ගත් කටටම කාගෙන කාගෙන ගියේ හිර වෙවී...
"මේ... මුකුත් ඉතුරු න්... හික්.. නෑ ඔක්කොම ක්.. හික්... කෑවා 🥺"
ශිනූ කෑම එක අරං කලබලේට ආවට වතුර අරං ආවෙ නෑනෙ.. කොල්ලා හික් හික් කිය කිය හිර වෙනවා කාපු වේගෙට.. ශිනූවා නම් හිනාව දරා ගැනීමේ අන්තිම දසමෙ ඉන්නෙ 😂 හැබැයි ශිනූ දන්නව නම් දවාලෙ ජිමින් කරේ බොරුවක් කියලා.. ඔය ගන් එක ලෝඩ් කරල බුලට් එක තියෙයි කොල්ලගෙ ඔළුවෙ 🙂
"හ්ම්.. පහලට ගිහිං ඔය පිගාන සෝදලා වතුර බොනවා... ආ.. තව එකක්.. ආයෙ ඔය ලබ්බෙ ඩයට් කියලා කෑම නොකා ඉදලා අහු උනොත්......🤬"
"උනොත්? 😳"
"තියනවා තොට වෙඩි 😡"
"හ්... හික් 😳"
ශිනූ එහෙම්මම ගන් එක ඉනේ හයිඩ් පොකට් එකට දාගෙන කඩාගෙන බිදගෙන වේගෙන් පහලට ආවා.. ජිමිනා පිගානත් ඉස්සරහට කරං ඔළුවත් නවං හික් හික් කිය කිය ශිනූගෙ පස්සෙන් ආවා.. හැබැයි ටිකක් දුරින්.. මොකද ඕකිගෙ කොකා ගැස්සුනොත් හුටං නෙ 🙂
![](https://img.wattpad.com/cover/285413610-288-k209500.jpg)