10.කොටස

20 6 14
                                    

ජේන් නැන්දගේ උරහිසට බර වෙලා හිටපු රියෝන්,

"ස්තුති  නැන්දේ ....මං ආදරෙයි  මාගේ නැන්දාට අම්මාටත් වඩා."

තවත්  තදින්  නැන්දාට  බර වුනු රියෝන්  ඇස් දෙක  පියා ගත්තා .

රියෝන්ගේ  වචනවලට  කලබලේ යමක් මතක් වුනා වාගේ  රියෝන්ගෙන් ඈත්  වුන නැන්දා ,

"පුතේ  මම ... මායේ පුතාට කාරනාවක් කියන්නයි ආවේ. එකත් අමතක වුනානේ.මේකාගේ හුරතලේට."

නැන්දාගේ කතාවට තරවටු හිනාවක්  පාපු රියෝන්,

"මොනවාද  ආ ...  කියමු  බලන්න ..මාගේ බෝල නැන්දි..."

කියන ගමන්  ජේන් නැන්දාගේ  මුහුණට එබුනා.

මාගේ  පුතේ ...අම්මා  බලන්න  ගිහින්  මල් ටිකක් ,ඉටිපන්දමක් පත්තු  කරලා ආවානම් හොදයි  නේද? "

රියෝන්ගේ  මුහුනේ තිබුන හිනාව අතුරුදන්  වුනා. දිලිසෙන හීනි ඇස් බිමට බර වුනා .ඔලුව  ඇතුලෙන්  හෙන පුපුරනවා වාගේ දැනුනා .

ජේන්  නැන්දාට  රියෝන්ගේ  වෙනස තේරැනා .රියෝන්ගේ  අතින් අල්ල ගත්තු  ජේන් නැන්දාට රියෝන්ගේ  අත සිතල වෙලා  බව තේරැනා .

" අනේ  පුතේ, හිත  රිද්දන්න  හිතන්  කිව්වේ  නැහැ .ඒවා යුතුකම් නේද? මාගේ  පුතා අකැමති  නම් කමක් නැහැ .යන්න  ඕන නැහැ .."

කමක් නෑ  නැන්දා  මට පුලුවන් .මම යන්නම් .කොච්චර  නපුරු  වුනත් ඒ මාගේ අම්මා ..."
🙂🥀🥀

බිමා.
හොදින් ඉන්න , බත් කන්න.

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now