ඉපදුන දා ඉඳලා තමන්ගෙ තාත්තව දැකලා තිබුණෙ නැති රියෝන්ට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියේ අම්මා විතරයි. බුසාන් වල ප්රසිද්ධ ඇඳුම් නිර්මාණ ආයතනයක හිමිකාරියක් වුණු ඇය ටිකක් දරුණු චරිතයක හිමිකාරියක්. සැමියාත් නැතිව දරුවෙක් දැඩි කිරීම හා සාර්ථක ව්යවසායිකාවක් වීම අපහසු වුණු ඇය ආර්ථික පැත්තෙන් සාර්ථක වුණත් රියෝන්ට හොඳ මවක් වෙන්න ඇයට බැරි වුණා. රියෝන්ගෙ ජීවිතෙන් ටික ටික ඈත් වුණු ඇය හිටි හැටියේම ජීවිතයෙන් සමුගත්තේ රියෝන්ව මේ ලෝකේ තනි කරලා. ඒ හදිස්සි රිය අනතුරකින්. එදා ඉඳලා රියෝන්ගේ අම්මා වුණේ ජේන් නැන්දා. අම්මගෙ මරණින් පස්සෙ කොරියාව අත ඇරලා ඉගෙන ගන්න ලන්ඩන් ගිය රියෝන අවුරුදු 6කට පස්සෙ තමයි ආයෙම මවු රටට ආවේ.
නපුරු වුණත්, දුෂ්ට වුණත් ඒ තමන්ගෙ අම්මා කියලා හදවතට පැහැදිළි කරපු රියෝන් අපැහැදිළි මතක වලින් අම්මගෙ මූණ අපහසුවෙන් ඇඳ ගන්න අසාර්ථක උත්සාහයක යෙදුණා. අම්මා කියන රූපේ චායාවක් වත් රියෝන්ට ගොඩ නගා ගන්න බැරි වුණා.
"ඇත්තටම මම "අම්මා"ව අමතක කරලා නේද? 😞 , මගේ හිත බිඳුණු කාරණා වලට වග කියන්න ඕන එයා තමයි. ඒත්, ඇයි මට එයාව අමතක වුණේ " 😞💔
ඔව්..... ඇත්ත..... අපේ හිතට හුඟක් රිද්දන මතක එකතු කරපු මිනිස්සුන්ව නිරායාසයෙන්ම කාලයත් එක්ක අපට අමතක වෙලා යනවා. ඉතින් අපේ රියෝන්ට එයාගෙ අම්මාව අමතක වෙලා ගිහින්.
කල්පානාවක ගිලිලා ඉඳිය රියෝන් පියවි සිහියට ආවේ දොර වැහෙන සද්දෙට.
"ක......රා.....ස්......."
එක පාරටම ගැස්සිලා දොර පැත්ත බලපු රියෝන් දැක්කේ දොර වැහෙනවා විතරයි. ජේන් නැන්දා යන්න ගිහින්.
රියෝන් ආයෙම කල්පනා කරන්න ගත්තා. රියෝන් අම්මාව මතක් කරන්න උත්සාග කලා. හීනි ඇස් , පළල් තොල් , දිග නාසය මේ වගේ දේවල් මතකෙට ගන්න උත්සාහ් කලා. ඵලක් නෑ. ඒ දේවල් මතක් වෙන්නෙ නෑ.
ඒ ගැම්මට ඇඳේ ඇළවුණු රියෝන් ඇස් පියා ගත්තා.
🙂🥀🥀
කෝමද ලමයි, ටික දවසකට පස්සේ. සමාවෙන්න මට බැරි වුනා මේ දවස් ටිකේ වෙලාව හදාගන්න. මට ටයිප් කරල දුන්නේ චමි. ස්තුති චමි.
අපිට බලාපොරොත්තු නොවුන වෙලාවට බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ද වුනාම අමුතු හැගිමක් දැනෙනව නේද? එේ හැගිමට හදවත වහගන්න ඉඩ දෙන්න එපා.අද බිමා ගෙ ඔවදන එේක. ( බත් කන එකනම් ඔයාල කොහොමත් කරනවනේ)
මම බිමා🙂🤫💜