" අා ok Thank u "
කියපු රියොන් ඩ්රයිවර් මහත්තයට සල්ලි දෙන ගමන් වාහනෙන් එලියට බැස්සා...කුමියා එක්ක එකතු වෙලා ඩ්රයිවර් උන්දෑ බෑග් ටික බානකන් රියෝන් ගේට් එකත් අැරගෙන අැතුලට ගියා."තාමත් එ් වගේමයි....මට පේන විදිහද මේ? ...නැ.. වෙනසක් වෙලා නෑ...තාමත් එ් වගේමයි..."
හිතන ගමන් රියෝන් ඉස්සරහට ගියා. අඩිපාර දෙපැත්තේ සරුවට වැවිල තියෙන තණකොළ ගානට කපලා තිබුණා...කොළ උඩට වැටුනු පිනි බිංදු දිලිසෙනවා....හරියට මුතු අැට වාගේ....
"හරිම ලස්සනට 'ජේන් නැන්දා' ගේ බලාගෙන" කියල රියෝන් ට හිතුනා.
වටපිටේ සිරි නරඹන එක නවත්තපු රියෝන් ගෙදර බෙල් එක ගැහුවා..මේ අතරෙ බෑග් දෙක බාගෙන වාහනේ පිටත් කරපු කුමියාත් අමාරුවෙන් බෑග් දෙක අැදගෙන රියෝන් ඉන්න තැනට අාවා.එක වරක් බෙල් එක වැදුනට අැතුලෙන් කිසි ප්රතිචාරයක් නැති නිසා අායෙම බෙල් එක ඔබන්න රියෝන් ලැස්ති වෙනකොටම....,
" අා...දරුවෝ... ඔයාල කලින්ම අැවිල්ලා...අා මේ තව දරුවෙකුත් ඉන්නේ..."
"ජේන් නැන්දා....ගොඩ කාලෙකින්නේ..තාම එ් වාගේමයි...ටිකක් විතර කොන්ඩේ සුදු වෙලා...."🤭💞
කියලා කියපු රියෝන් , මුන රවුම් ටිකක් විතර මිටි කාන්තාව වැළද ගත්තා.
"අනේ මගේ චූටි කොල්ලා දැන් ඉලන්දාරියෙක් වෙලානේ...මට හරි සතුටුයි මගෙ පුතේ..."
කියපු එ් කාන්තාව රියෝන්ගේ මූණ දෝතට අරන් නලළට උණුසුම් හාදුවක් දුන්නා....😘😋
අම්මාගේ උණුහුමට ගුලිවෙන පුංචි මුව පැටියෙක් වගේ රියෝන් අැස් පියාගෙන එ් අාදරේ වින්දා...❤
මේ වෙන හැමදේම කට අැරන් බලන් ඉන්න අපෙ කුමීට හිතුනා නාට්යය්ේ සියලු කොටස් මෙතනම රඟ දක්වල ඉවර කෙරුවොත් තමන්ගෙ බඩපණුවොන්ට පාන් කියාගන්නවත් හයියක් නැති වන වග, 😁😂.. ඉතින් කුමියා එන්ටර් උනා ජවනිකාවට....,
"අා... නැන්දේ...😁..ඔයා වෙන්න අැති ජේන් නැන්දා..? ..නැන්දගෙ කිම්චි ස්ටූ එකේ රස සජීවීව විදින්න මට පුලුවන් දැන් ඉතින්...🤭😋...මරු...😋...මරු...🤭" .....
කියල තොලකට ලෙවකන කුමිය දිහා බය වෙලා වගේ බලන් හිටපු ජේන් නැන්දා රියෝන්ගේ කනට කරල මෙහෙම අැහුවා....
" කව්ද පුතේ මේ ළමයා...?🙄...හරියට කතා කරන්නත් බැ නේ....කව්ද මේ..?😲😲 ..."
ජේන් නැන්දගෙ කතාවට හිනා ගිය රියෝන්...😂,
"නැන්දා...., එ් මගේ කැම්පස් එකේ යාළුවෙක්..එයාගෙ නම 'කුමි සන්'.. මම අාදරේට කියන්නේ' කුමී 'කියල.😉...අපේ භාෂාව ටිකක් හසුරවගන්න අමාරුයි . 😐 මොකද කුමි ජපන් ජාතිකයෙක්...😊...මිනිහා හරි හොදයි... කට නම් ටිකක් වැඩි...😅😁..එක තමයි තින අවුල...🤭.."...
රියෝනුගේ කතාවට දෙන්නටම හිනා ගියා😅😂😂....මෙයාලගේ මේ කැකිරි පැලිල්ලට බයවුනු කුමියා... අහිංසක හිනාවක් පෑවා...🙄🙂.
"අනේ අනේ.. දරුවෝ... හවස් වෙනකන් මෙතන ඉන්නද කල්පනාව...?😒 යමු ගෙට , මම මැකරල් ගෙනාව , පුතා අාසයිනේ..😉., දවල් කැම ඉක්මනටම ලැස්ති කරන්නම්., එතකන් ගමන් මහන්සිය නිවා ගන්න.😊"
🙂🥀🥀
මෙන්න තුන් වෙනි කැබැල්ල.
මට සමාවෙන්න ඔනේ , ගොඩක් ටයිපිං මිස්ටේක් වෙනවා අැති..😐😓💔... එ්ත් මා එක්ක ඉන්නවට ඔයාලට ගොඩ ගොඩාාක් ස්තූති..😍😘අාදරෙයි හැමෝටම...
" හොදින් ඉන්න ඔනේ...බත් කන්න ඔනේ..."😍💜"බිමා🙂💜🤫"