21. කොටස

6 3 2
                                    

"කව්රු කිව්වා ? "
කුමී රියෝන්ගේ උරහිසින් අල්ලන ගමන් ටිකක් තදින් ඇහුවා. කුමීගේ වචන වලට ගෑසුනු රියෝන් කුමී දිහා ඔරවන් බලන් හිටියා.

කුමී කවදාවත් නොදැකපු අමුතුම විදිහේ හැගීමක් රියෝන්ගේ මූනේ ඇදිලා තිබ්බා. කොල්ලා බය වුනේ නෑ කිව්වොත් ඒක බොරුවක් . රියෝන්ගේ ඇස් දෙක දිහා බලන් ඉන්න බැරි තරම් ඒ ඇස් තරහෙන් පිරිලා තිබුනා. ඒ තරහත් එක්ක දුකකුත් තිබුනා කියලා කඳුළු පටල වලින් කුමී අදුරගත්තා.

බොහොම වැරෙන් කුමීගේ අත ගසලා දාපු රියෝන් වාහනේ දිහාවට වේගයෙන් ඇවිදගෙන ගියා. වචනයක්වත් කතා කරගන්න ඉඩක් නොලැබුණු කුමීත් රියෝන්ගේ පස්සෙන් ඉක්මනින් යන්න වුනා.කලබලෙන් වාහනේට නැගපු රියෝන් කුමී එන්නත් කලින් වාහනය පනගැන්නුවා. ඉක්මනට වාහනයට නැගගන්න බැරි උනා නම් කුමීට ඉන්න වෙන්නේ බූසාන් වල තමයි ඉතින්.

ගෙදර යන අතරමග දෙන්නා අතර කිසිම කතාවක් ඇති උනේ නම් නැහැ. රියෝන්ගෙන් අහන්න ගොඩාක් ප්‍රශ්න කුමී පෙලගස්ව ගත්තත් ඒ දේවල් අහන්න තරම් මේක හොද වෙලාවක් නෙවෙයි කියලා රියෝන් දිහා බලන හැමවෙලාවකම කුමී තීරණය කලා.

වෙලාවකට හයියෙන් හුස්ම ගත්ථු රියෝන් වම් අතින් සුක්කානම අතෑරලා ඇස් පිහිදැම්මා. තවත් වෙලාවකට සුක්කානම අතෑරලා මූන පිහිදැම්මා. වේගෙන් යන්නත් හයියෙන් බ්‍රේක් අල්ලන්නත් සුක්කානමට වැරෙන් පහර දෙන්නත් උනා. කුමීට තේරුනා රියෝන් කලබල වෙලා බව.  රියෝන්ට කතා කරලා වාහනය ගන්න ඕනේ කියලා හිතුවත් තමන්ට ලයිසන් නැති බව මතක් උනාම වෙන දෙයක් වෙද්දෙන් කියලා කුමී කරබාගත්තා.

යනකොට පැය හතරක් විතර ගත වුණු බූසාන් ගමන නැවත එන්න වැය වුනේ පැය එකහමාරක් විතරයි. ගෙදර ගේට්ටුව ළඟ වාහනේ නතර වෙනකොට ඔරලෝසුව දිහා බලපු කුමී ට තරු පේන්න ගත්තා. නොමැරී ආපු එකට නොදන්න දෙවියන්ටත් කුමියා ස්තූති කලා.

කිසිම කතාවක් නැතුව ගෙට ගියපු රියෝන් ඉස්සරහට ආපු ජේන් නැන්දා දිහාවත් නොබලා කාමරේට ගිහින් දොර වහගත්තා. හුලං බැහැපු බැලුමක් වගේ ආපු කුමී නැන්දා දිහා බලලා හීනියට හිනා වුනා.

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now