කාපු කෑමෙ හැටියට බඩට තව බත් අැටයක්වත් දාගන්න බැ කියල තේරුම් ගත්තු කුමියා කෑම මේසෙන් නැගිට්ටා. අතයි පිගානයි හෝදපු කුමි ඉස්සරහට අාපු බණ්ඩියත් අත ග ගා කාමරේට යන්න පිටත් වුණා.පඩිපෙලේ අන්තිම පඩියත් නැගගත්තු කුමිට හුස්ම ගන්නවත් ස්පාසුවක් නැති තරම්.....
"හපොයි දෙයියනේ...."
"මම මෙච්චර මොකට කැවද මන්දා"හිතන ගමන් කුමි බරාඳෙට හේත්තුවක් දැම්මා...
" අා පුතා...දැන් ද කාල ඉවර වුණේ..?.."
රියෝන්ගේ කාමරෙන් එලියට අාපු ජේන් නැන්දා බරාඳෙට හේත්තුවක් දාගෙන ඉන්න කුමි ගෙන් අැහුවා.
"ඔ...ඔ... , නැන්දා... කැම ටික නම් සුපිරී..., ඕනාවට වඩා මම කෑවා කියල හිතෙනවා.."
කියපු කුමි ජේන් නැන්දට දත් තිස්දෙකම පේන්න මහ සිරික්කි හිනාවක් දැම්මා.. එේ හිනාවට නැන්දාටත් හිනා.
"එේනම් පුතා... මම යනව මේසෙ අස් කරන්න. රියෝන් ටත් නින්ද ගිහින්. පුතත් ටිකක් අැල වෙන්න..."
කියන ගමන් පඩිපෙල බහින්න වුණා. ජේන් නැන්දා යන දිහාව හැරිල බලන්නත් කම්මැලි වුන කුමි බෙල්ල විතරක් පොඩ්ඩක් අැල කරල බරාදෙන් පහල බැලුවා...
කාමරේට යන අදහසින් බරාඳෙන් නිදහස් වුණු කුමි ඉස්සරහට අැවිදගෙන ගියා. කාමරේ දොර ලග නැවතුන කුමි , රියෝන්ගේ කාමරේට ඔළුව දාන්න කල්පනා කලා...,
රියෝන්ගේ කාමරේට ගියපු කුමියට දැක්ක දෙයින් "බකස්" ගාල හිනා ගියා.., රියෝන් අැද බදාගෙන 'ගෙම්බා පොලවෙ ගැහුව වගේ' නිදි.., ලඟට ගිහින් පස්සට දෙකක් දෙන්න හිතුනත් කුමි ට දුක හිතුනා...
"මූ කාලෙකින් මෙහෙම සැපට නිදා ගන්නේ..., ඔහේ නිදාගත්තුදෙන්..."
කියල තමාටම කියා ගත්තු කුමි හෙමිට රියෝන්ගෙ කාමරෙන් පිට වෙලා තමන්ගේ කාමරේට වැදුනා. අත පය හතර හොදට දිග අැරල අැඳේ වැතිරුණු කුමි උඩ කැරකෙන විදුලි පංකාවේ පෙත්තක් නෝට් කරගන්න උත්සහ කලා..
බඩ ට ඔනවට වඩා කාපු නිසා ද කොහෙද කුමි ට නිදාගෙන ඉන්න අපහසුවක් දැනුනා.., අැදේ එේ අතට මේ අතට පෙරළුන කුමි නිදාගන්න පහසු ඉරියව්වක් හොයන්න උත්සහ කලා. එේ උත්සහය අසාර්ථක වුන නිසා තමන්ටම දොස් කියාගන්න ගමන් අැදෙන් නැගිටපු කුමි කිසි අදහසක් නැතුව දොරත් අැරන් කාමරෙන් පිට වුණා.
කුමියා නැවතුනේ රියෝන්ගේ ගෙදර මිදුලේ. පෙරේත කම ඉහට ගහපු නිසා සැප නින්දක්වත් දාගන්න බැ කිය කියා තමාටම බැනගන්න ගමන් අවට පරිසරේට බැල්ම දාන්න කුමි ට හිතුනා..
🙂🥀🥀
ඔන්න අායෙමත් අාවෝ..., වැඩ ගොඩක් ගොඩගැහිලා තිබුනා. සමාවෙන්න.
මම බිමා🙂🤭💜