බන්දේසිය රියෝන්ගෙ ඉස්සරහින් තියපු නැන්දා එයා ළඟින් වාඩි උනා.
"පුතා , හොදට නිදාගත්ත නේ ද ? මම රැ කැමට කතා කරන්න එද්දි පුතා නිදි. ඉතින් මම ඇහැරෙව්වේ නැහැ."
තවමත්නිදි විකාරෙන් ඇස් පොඩි කරපු රියෝන්,
"අ...අනේ නැන්දා..., ඔයාට තිබුනා මට කූද්දන්න.."අමනාප බැල්මකින් නැන්දා දිහා බලපු රියෝන් කුකී එකක් අරන් කිරි එකේ පොගවලා කෑල්ලක් කට ට දා ගත්තා . රියෝන් ගේ හුරතල් වැඩේ දිහා බලන් හිටපු ජේන් නැන්දා...,
"හනේ....! හනේ...! තාම පොඩි එකෙක් වගේ මේ ඉලන්දාරියා..., කුකී පොගවන් කන වයසක් ද මේ..., යසයි ..! යසයි..! නාකි කෝලන්.."
කියන ගමන් ඇදෙන් නැගිටලා යන්න ලැස්ති වුනා. ජේන් නැන්දා දිහා ට හැරුණු රියෝ හුරතලේට හිනා වෙලා මෙහෙම ඇහුවා..
"කුමී කොහොමද නැන්දේ...? මිනිහා රැට කෑව ද?"
"ඒ කොලුවා නම් හොදට කෑවා. තවමත් නිදි මං හිතන්නේ..."
"ආ... ඌ කොච්චර මහන්සි උනත් කෑම වේල නම් මග ඇර ගන්න එකෙක් නෙවෙයි...",😂😂
රියෝන් ගේ කතාවට දෙන්නාම හයියෙන් හිනා වුනා..., ඒ හිනාව නැවතුනේ කුමී ගේ ආමන්ත්‍රණයෙන්.
" හඃ.. උදේ පාන්දර සාමාන්‍යයෙන් කුකුල්ලු හඩලනවා මිසක් ගෙම්බෝ කෑ ගහනවා මම අහලා නැහැ කලින්.., අද තමයි මුල්ම වතාවට එහෙම ඇහුනේ..😒"
කියපු කුමී ඇස් පොඩි කර කර රියෝනුයි නැන්දායි ඉන්න තැනට ගියා.
"සුබ ම සුබ උදෑසනක් වේවා ! මා නැන්දණියනි...., සහා මාගේ පාපතර මිත්රයානණි..."
කුමී රියෝන්ගේ උරහිසින් හොලවන ගමන් කිව්වා. කුමී හොලවන හෙලවිල්ලට රියෝන් ඉස්සරහටය්හ් පස්සටත් මාරුවෙන් මාරුවට පැද්දෙන්න ගත්තා . මේ කෝල්ලන් බලන් උන්නු ජෙන් නැන්දා යන්න නැගිට්ටා.
"කුමී, පුතා නිදි නිසා මම කිරි එක ගෙනාවේ නැහැ . ඉන්න මම අරන් එන්නම් . "
"අපෝ! පිස්සු ද නැන්දා, මම පහලට එන්නම්. මේ රියෝ කුමාරයා වගේ නෙවෙයි මට සදලුතලෙන් පහලට බහින්න පුලුවන් . "
මාරුවෙන් මාරුවට රියෝන් දිහාත් ජේන් නැන්දා දිහාත් බලන ගමන් කුමී කියාගෙන ගියා. තම්න්ගේ උරහිස් තදින් අල්ලන් හිටපු කුමීගේ අත් දඩු එකපාරටම රියෝන් තදින් අල්ල ල තමන්ගෙ උරහිස් දෙක නිවහස් කරගත්තා. ටිකක් තරහින් වගේ.
"පල යන්න අහකට . ගිහින් ලෑස්ති වෙයන් .., උදේ කැමෙන් පස්සේ අපිට ගමනක් යන්න තියෙනවා . "
කොයපු රියෝන්,
" නැන්දා, මෙහේ රෙන්ට් එකට වාහනයක් ගන්න පුලුවන් තැනක් තියෙනවා ද? ඩ්‍රයිවර් කෙනෙක් නැතුව නම් වඩා හොදයි. මොකද... මං කැමතී ටිකක් පෞද්ගලිකව මේ ගමන යන්න. "
රියෝන් ගේ කතාවට නැන්දා ටිකක් ගැස්සුනා...නැන්දා හොතුවෙ නැහැ රියෝන් මේ ගමන් ඇත්තටම යාවි කියලා . ටිල වෙලාවක් කල්පනා කරපු නැන්දා මෙහෙම උත්තරයක් දුන්නා.
"ආ හරි පුතා, තැනක් තියෙනවා . මං call එකක් දීලා වාහනයක් ගෙන්නලා දෙන්නම්. කීයට විතරද පුතාලා යන්නේ. ? "
අපි දහයට විතර යනවා. ඒ වෙලාවට තිබුනාම ඇති නැන්දේ. "
නැන්දාට උත්තර දෙනගමන් කුමී දිහා බලපු රියෝන් ට තේරුනා ඒ මූනේ ඇදිලා තිබිච්ච ප්‍රශ්නාර්තයෙන් මෙයා මුකුත් දන්නේ නැති බව.
"ආ... බං, උබට කියන්න හිටියේ. අපි අද බූසාන් යනවා. මගෙ අම්මාගේ සොහොන බලන්න. මා එක්ක එනව ද? අකමැතිනම් කියපන්. "
මේ නැන්දලා පුතාලා මොකක් ගැනද කතා කරන්නේ කියලා අග මුල ගැට ගහගන්න බැරිව කල්පනාවක පැටලිලා හිටපු කුමී ට රියෝන් ගේ කතාවෙන් ඊයේ ජේන් නැන්දා කියාපු විස්තරේ මතක් උනා.
" හ.. හරි බං, මට ඊයේ නැන්දා කිව්වා අපි යමු. මම ගිහින් wosh දාගෙන පහලට එන්නම්. උබත් ලෑස්ති වෙයන් එහෙනම්. "
කුමී යන්න ගියා. මේ වෙනකොට ජේන් නැන්දාත් ගිහින් . අත් දෙක දෙපැත්තට දික් කරලා හිරි ඇරපු රියෝන්, කිරි වීදුරුවත් අතට අරගෙන ජනේලය ලගට ගියා. ජනෙල් තිර රෙදි වලින් ආපු හුරු පුරුදු සුවද තව තවත් විදගන්න හිතාගෙන රියෝන් තමන්ගේ නාස්පුඩු තිර රෙද්දට තියලා තදින් හුස්මක් ගත්තා...." මගේ .... සද..., ඔයා සතිටින් නේ ද ?...." 💜️
.🥀🥀🥀
ඉතින් ළමයි ගොඩක් කාලෙකින්.
දන්නවා, පරක්කුයි. පටන්ගත්ත හැටියේම හිර වුනා නේ. සමාවෙන්න මට.අපි දිගටම කියවමු.
ඉතින් අපි බලමු. රියෝ මේ කොහෙද යන්නේ. ඒයාට කාවද මුනගැහෙන්නේ කියලා .මම බිම්මල්. ආදරෙයි.♥️☺️