09. කොටස

16 8 13
                                    


මද රස්සෙ වතුර ඇඟට වැටෙනකොට පුදුම තරම් සනීපයක් රියෝන්ට දැනුනා. 😇 මේ වතුර, මේ කාමරේ, මේ වටපිටාව.... මේ හැමදේම එක්ක තමන්ගේ හිත පිරිලා තියෙන ලස්සන වගේම අඳුරු මතක එළියට එන්න දඟලන බව රියෝට සිතුනා.

" පරණ දේවල් ගැන ආයෙම කල්පනා කරන එකෙන් තේරුමක් නෑ නේද 😕😕😕 රිද්දන මතක වල වුනත්, ඒවා පිරුණේ ලස්සන මතක ලැබුණයින් පස්සෙනේ........ , අද තවමත් මම හොඳින් ඉන්නවා........ , එයත් හොඳින් ඇති..... , මට රිද්දුවත්..... ,එයාට නම් රිදෙන්න එපා දෙවියනේ ,,,,,,,, . 🙏 මම වගේ එයාට දරාගන්න පුළුවන් වේද ? ....... " 😐😐😐

සිතුවිලි වල ගිලෙමින් තමන්ගේම හිත සනසන්න උත්සාහ කරපු රියෝන් අන්තිමට තීරණයක් ගත්තා.

" මම සතුටින් ඉන්නවා ..... , ඔව් මට පුළුවන්  ..... " ❤☺️❤

Wash දාලා ඉවර වෙලා ඇඳුම් මාරු කරහෙන ඇඳට පැනපු රියෝන් ඇස් දෙක පියා ගත්තේ දිග නින්දක් බලාපොරොත්තුවෙන් .😴 නමුත් ඒක සඵල වුණේ නම් නෑ.

" ඩහ්... ඩ..හ්..... ඩ.....හ් "
දොරට ගහන සද්දයක් එක්ක ....... ,

" පුතා රියෝන්..... නිදිද පුතා...... පුතා ......"

ජේන් නැන්දගෙ කටහඬට අඩ නින්දත් කැඩුනු රියෝන් ගැස්සිලා ගිහින් දොර ඇරියා .

" නෑ නැන්දා එන්න ........ මොකද්ද ප්‍රශ්නෙ ...... ? "

" අනේ පුතේ මට සමාවෙන්න  😔 ...... මම හිතුවේ පුතාට ටිකක් කතා කරන්න ඕන කියලා...... "කියන ගමන් කාමරේට ගොඩ වුණු ජේන් නැන්දා රියෝගේ ඇඳ කොනෙන් වාඩි වුණා. රියෝගේ නැන්දව අනුගමනය කරලා ගිහින් ඇද කොනෙන්  ඉඳ ගත්තා.

"ආ කියන්න  නැන්දා මොකක් ද කාරණය ... ? "

" රියෝ පුතේ   පුතා තරහ ද?" 😔
කියන ගමන් රියෝගේ දකුණු අත නැන්දගේ අත් දෙකෙන් හිර කර ගත්තා.."

" මයෙ පුතා තරහද මා එක්ක ? පුතා මට අත තියන්න එපා කියපු හුගාක් දේවල් මම මේ කාමරෙන් අයින් කලා... ඒකට  ...... පුතා මා එක්ක තරහින් ද ? ..... " 😟😟😟

කියපු නැන්දා රියෝන් දිහා කඳුළු පිරුණු ඇස් වලින් බැලුවා ..නැන්දා වරදකාරි හැගීමකින් ඉන්න බව තේරුම් ගත්තු රියෝන් නැන්දගේ අත් දෙක තමන්ගේ අත්වලින් අල්ලගෙන ,

" අනේ .. නෑ .. මගේ නැන්දේ  ..නැන්දට ගොඩාක් ස්තූති . ඒ දේවල් අයින් කලාම මම බලාපොරොත්තු වුනේ  ..දුක පිරුණු කාමරයක් වුණාට නැන්දා නිසා මගේ ඇසට පෙනුනේ සන්සුන් නිස්කලංක කාමරයක් ...  " නැන්දට ගොඩාක් පිං නැන්දේ ...... ☺️

රියෝන්ගේ වචනවලට තමන්ගේ වරදකාරී හැගීම මකල දාපු ජේන්  නැන්දා..

" ඒනම් කමක් නෑ මගේ පුතේ... පුතා ආයෙමත් දුක් විඳිනවා දකින්න මම කැමති නැති නිසයි එහෙම කලේ . ගිය දේවල් ගැන හිතන්න  එපා පුතේ .. පුතා සතුටින් ඉන්න ඕනේ... "

" කියලා රියෝගෙ අත් වලින් තමන්ගේ අත් නිදහස් කරගත්තු ජේන් නැන්දා රියෝව බදා ගත්තා ..."

" ඒත් මන් මේ ජනෙල් තිර හේදුවෙ නම් පුතා ආසම ඩිටජන් කුඩු වලින් ....... මට මතකයි පුතා ඒ සුවදට හරිම කැමති බව ..."

🙂🥀🥀

එේනම් ලමයි දවසකට පස්සේ අලුත් ටිකක් ගෙනාව.🙂...
ටිකක් අසනිපෙන් ඉන්න නිසා ටයිප් කරගන්න බැරුවයි හිටියේ.චමී මට එේ උදව්ව කරල දුන්නා. 🙂💜 ස්තුති චමී..
හේනම් කියවල බලන්න., අඩුපාඩු වලට සමා වෙන්න.

මම බිමා🙂🤫💜
හොදින් ඉන්න. බත් කන්න

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now