වසර 10 ට පෙර
ට්‍රීන් ....! ට්‍රීන්.....!
ට්‍රීන් ...! ට්‍රීන් ....!ඒ එලාම් එක. සද්දෙට ඇහැරුනු රියෝන් අලුත් ඇද ඇතිරිල්ල තවත් ගුලි කරගෙන ඇස් දෙක පියාගත්තා .
" රියෝන් පුතා.., නැගිටින්න . දැන් අම්මට කේන්ති යාවි. ..,
කෝ... කෝ... හොද පුතා වගේ නැගිටින්න. "ඒ ජේන් නැන්න්දා. රියෝන්ව ඇහැරවන ගමන් ජනෙල් ඇරියා. උදේ පින්නත් එක්ක එන සීතල රියෝන් ව තවත් කම්මැලි කලා.
" අනේ නැන්දේ, මට ඉස්කෝලේ යන්න බැ නැන්දේ. අම්මට කියන්නකෝ. එයා තේරුම් ගන්නේ නැ නේ? , මට යන්න බැ නැන්දේ..! මට බෑ...!"
රියෝන්ගේ අන්තිම වචන කීපයේ තිබුනේ හරිම ස්ථිර බවක්. මෙච්චර මේ දරුවා බැ කියන්නේ මොකක්ම හරි සාධාරණ හේතුවක් තින නිසා කියලා ජේන් නැන්දා හිතුවත් අම්මලා පුතාලගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕනේ නැ නේද කියලා හිතලා කරබාගත්තා .
"අනේ මගේ හොද පුතානේ, නැගිටලා ලේස්තිවෙන්නකෝ. අම්මට කේන්ති යාවි අදත් නැත්තන්. "
රියෝන්ගේ පිරුණු කම්මුල් අත ගාපු ජේන් නැන්දා කාමරෙන් එලියට ගියා.
කොයිතරම් අකමැති උනත් වෙනස් වුන පරිසරේට රියෝන්ට ඉස්කෝලේ යන්නම උනා. වෙන දෙයක් වෙද්දෙන් කියලා රියෝන් ලෑස්ති වෙලා පහලට යනකොට අම්මා කැම මේසෙට වාඩි වෙලා හිටියා. උදේ පාන්දර අම්මා ගේ හිත රිද්දන්න බැරි නිසා ආයාසයෙන් හිනාවක් ආරූඪ කරගත්තු රියෝන් කැම මේසේ දිහාවට ගියා.
"Good morning අම්මා !"
"ආ..., සුදු පුතා, good morning "
" ඉක්මනින් කන්න අම්මි ට පරක්කු වෙනවා. "අම්මා දිහා ඕනවට එපාවට බලපු රියෝන් බටර් ගාපු ටෝස්ට් එකක් ඉක්මනින් කැවා. ටෝස්ට් පාන් පෙති කීපයක් ඇපල් පලුවක් එක්ක චීස් පෙත්තක් පෙට්ටියට දාපු ජේන් නැන්දා ,
" ඔන්න සුදු පුතා, ඔක්කොම කන්න ඕනේ ...."
කියලා රියෝන්ගේ ඔලුව අතගැවා .මේ දිහා බලන් හිටපු රියෝන්ගේ අම්මා ජේන් නැන්දාට කතා කලා.
" ජේන් අක්කා. අද ගිහාම මං ආපහු එන දවසක් කියන්න බැහැ. ෆැක්ට්‍රි එකේ වැඩ ගොඩ ගැහිලා. මගේ පුතාව බලාගන්න හොද ද? මොකක් හරි උවමනාවක් උනොත් මට කතා කරන්න . "