ගමනට සුදුසු විදිහට ඇදපැලද ගත්ත රියෝන් පහළට බහිනකොට ත් කුමී කෑම මේසෙ ඉදගෙන. උදේ කෑම ගත්තු යාලුවෝ දෙන්නා ගේට් එක ළඟින් ඇහුනු හෝන් සද්දෙට කලබල වුණා.
"නැන්දා.., ඔයා කීයට ද වාහනේට එන්න කිව්වේ ? "
"පුතා, මම 8.30ට විතර එන්න කිව්වේ. මම හිතන්නේ දැන් ඇවිල්ලා. "නැන්දාගෙ කතාව ඇහෙනවත් එක්කම ඔරලෝසුව දිහා බලපු රියෝන් දැක්කා හරියටම වෙලාව 8.30 බව.
" මචං කුමී, යමන් බං. පරක්කුවෙනවා. යන ගමන් උබට කන්න මොනවහරි අරන් දෙන්නම්."
කියපු රියෝන් එලියට යන්න ගියා. කුමී ත් රියෝන් ව අනුගමණය කලා. එළියේ නවත්තලා තිබ්බ වාහනේ ළඟ හිටපු මනුස්සයා එක්ක ජේන් නැන්දා බර කතාවක හිටියේ.
"නැන්දා, එහෙනම් අපි යන්නද ? රැ වෙන්න කලින් එන්නත් ඕන නේ"
"වැඩි දුරක් නැ නේ පුතේ, පරිස්සමින් දෙන්න එක්ක ගිහින් එන්න. මෙන්න මේ මහත්තයා මොනවද කොල වගේක අත්සන් කරන්න ලු."
"ඔහ් , කියන්න mr. "?
කියපු රියෝන් ඒ මනුස්සයා දිහා බලාගෙන හිටියා .තමන් අතේ තිබුණු බෑග් එකෙන් ෆයිල් එකක් දිග ඇරපු ඒ මනුස්සයා ලියවිල්ලක් පුරවන්න පටන් ගත්තා .
" සර්, මෙතන අත්සනක් දාලා දෙන්න. අද දවසට මේ වාහනය කුලියට ගන්නවා කියලා "
"ආ හරි. කෝ දෙන්න "
රියෝන් කොලේ කොනේ අත්සනක් දාලා කොලේ ආයෙමත් ඒ මනුස්සයාට දුන්නා.
" එහෙනම් සර්, සුභ ගමන් "ඒ මනුස්සයාටත් , ජේන් නැන්දාටත් හිනාවකින් සංග්රහ කරපු රියෝන්,
" එහෙනම් නැන්දේ අපි ගිහින් එන්නම්, නැගපන් කුමී "
"පරිස්සමෙන් පුතේ, ඩ්රයිව් කරන කොට සැලකිල්ලෙන්. ආ, මේ මල් ටික අම්මට තියන්න. "කියලා ලස්සන දම්පාට ලිලී මල් පොකුරක් ජේන් නැන්දා රියෝන්ගේ අතට දුන්නා.
"Ok, නැන්දා , අපි යනවා එහෙනම්."
වාහනේට නැගලා මල් පොකුර පිටිපස්සේ ශීට් එකෙන් තියපු රියෝන් යතුර දාලා කාර් එක පණ ගැන්නුවා. වාහනේට නැගපු කුමී ත් හරිබරි ගැහිලා ඉදගත්තා. බූසාන් වලට පිටත් වුණු යාලුවෝ දෙන්නා කිසි කතාවක් නැතුව ටික දුරක් ගියා. කුමීගේ නිහැඩියාව තමන්ට අමුතු හැගීමක් එකතු කරපු නිසා කතාවක් දාන්න රියෝන් තීරණය කලා.