නිස්කලංක පරිසරයෙන් මිදිලා ආයෙමත් ජනාකීර්ණ නගරය දිහාවට රියෝන් වාහනය පැදෙව්වා. නගරයේ පාර දෙපැත්තේ තිබුණු කඩ සාප්පු, ආපනශාලා මිනිස්සුන්ගෙන් පිරිලා තිබුන. ලස්සනම ලස්සන විදුලි පහන් වලින් නගරයම ආලෝකමත් වෙලා තිබුනා. රියෝන් හෙමීට තැනක් බලලා වාහනය නතර කලා. මේ ටික වෙලාවට කුමී ට නින්ද ගිහින්.
" ඒයි... ඒයි... නැගිටපන්.... "
රියෝන්ගේ කැගැහිල්ලට උඩ ගිහින් ඇහැරුනු කුමියා දඩිබිඩියේ වාහනෙන් බහින්න හැදුවා..
" හම්මට, අපි ගෙදරත් ආවද බං. යමන් මට බඩගිනී."
" හනේ බූතයෝ, අපි තාම බූසාන් වල ඉන්නේ. බඩගිනී කියපු නිසයි ටවුන් එකෙන් නැවැත්තුවේ . මොනවහරි කාලා යමන්. මට ත් බඩගිනියි. "
කියපු රියෝන් කුමීටත් බහින්න කියලා ඇස් වලින් කියන ගමන් වාහනේන් බැස්සා.
පිරිසිදු, ප්රණීත ආහාර වේලකින් පස්සේ යාලුවෝ දෙන්නා ආපන ශාලාවෙන් පිට උනා. කෑම එක රස වැටුණු කුමියා රියෝන්ගේ කෑම එකත් එක්කම කාපු නිසාද කොහෙද ඉස්සරහට නෙරලා ආපු බඩත් අත ගගා අමාරුවෙන් පදික වේදිකාවේ ඉදිරියට ගියා.
හදවතේ තිබුණු හිස් හැඟීම කෑම වලින් පුරවගන්න රියෝන් උත්සහ කලත් ඒක එහෙම වුනේ නම් නැහැ. ඒත් කොල්ලා කුමීගෙන් ඒ හැඟීම වහගන්න ගොඩාක් උත්සහ කලා. ඉස්සරහා බලාගෙන් ගමන් කරපු රියෝන් දැක්කේ අමුතු දෙයක්.
තමන් ආපු කාර් එක ළඟ පුංචි දරුවෙක් වාඩි වෙලා හිටියා.
රියෝන් තමන්ගේ අඩිය ඉක්මන් කරලා වාහනය දිහාවට යන්න උනා. තමන්ගේ මලපෙරේත කම ගැන තමන්ටම දොස් කියන ගමන් හිටපු කුමියා රියෝන්ගේ ඉක්මන් ගමනට බාධා කලා." ඒ... ඒ.. රියෝ..., උබ මොකද දුවන්නේ..? හිටපන් මාත් එනවා.."
කුමීගේ වචන ඇහුනත් රියෝන් ගමන බාල කලේ නැහැ. පුංචි දරුවා ට උදව් කරන එක තමයි ේ වෙලාවේ රියෝන්ගේ හිතේ තිබ්බ ලොකුම කාරණාව. වාහනය ලගට දුවගෙන ගියපු රියෝන් තමන්ට පිටුපාලා ඉන්න දරුවට කතා කලා.
" පුතේ, මොකක් ද ප්රශ්නේ?? "
රියෝන්ගේ වචන වලට ගැස්සුනු පුංචි දරුවා එකවරම පිටිපස්ස හැරුනා. ලොකු බෝල ඇස් , තියුණු නහය, හීනි තොල් හරිම ලස්සනට ඒ පුංචි මූනේ මැවිලා තිබුනා. ටික වෙලාවක් රියෝන් දිහා බලාගෙන හිටපු දරුවා කතා කලා.