19 කොටස.

6 1 0
                                    

පැහැදිලි අහස, සීතල සුළඟ මේ හැමදේමත් එක්ක නිස්කලංක වටපිටාවක් තිබුණු සොහොන් භූමියේ, ලොකු නිහැඩියාවක් තිබුණා. අම්මාගේ සොහොන් කොත ළඟ දණ ඔබාගත්තු රියෝන් සොහොන් කොත හිමින් පිරිමැද්දේ අම්මාගේ පහස මතක් කරගන්න හිතාගෙන.

ඇස් පියාගෙන මතක අස්සට රිංගලා අම්මාගේ මතක සිහියට ගන්න රියෝන් ගොඩාක් උත්සහ කලා. ගල් පුවරුවේ අතට දැනුණු ගොරෝසු බව රියෝන්ට  දැනුනේ අම්මගේ රලු ඇමතුම් වගේමයි. රියෝන්ගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ආවේ නිරායාසයෙන්. රියෝන්ගේ මේ හැසිරීම දිහා කුමී බලන් හිටියේ හුගක් පුදුම්ම වෙලා. ඇත්තටම කුමීට දැනුනේ ලොකු දුකක්. තමන්ගේ යාලුවා විදින වේදනාව කුමීට දරාගන්න බැරි උනා.

රියෝන් ලගින්ම දණ ගහගත්තු කුමී රියෝන්ව තමන්ගේ උරහිසට වාරු කරගෙන පිට අතගාන්න උනා.

" හරි මචං, අඩන්න එපා.. මල් ටික් තියලා අපි යමු. "
කුමීගේ වචන  රියෝන්ට ඇහුනේ හීනෙන් වගේ. ඒ හඬින් පියවි ලෝකෙට ආපු රියෝන් කුමීගේ ග්‍රහනයෙන් මිදිලා අතේ තිබුණු දම්පාට ලිලී මල් පොකුර අම්මගේ සොහොන් කොත අද්දරින් තිබ්බා.
ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ගත්තු රියෝන් අම්මාට කතා කරන්න දෛරය එකතු කරගත්තා .

" අම්මා...., මම ඔයාගේ සුදු පුතා රියෝන්. මම දැන් ලොකුයි. සමාවෙන්න අවුරුදු හයක් වගේ ලොකු කාලයක් ඔයාව බලන්න නාපු එකට. ඇත්තටම අම්මා, මට ඔයාව මතක උනේ නැහැ. ඔයා මාව දලා ගියේ අහම්බෙන් උනාට මං ඔයා එක්ක කේන්තියෙන් හිටියේ. මම දන් නැ අම්මා ඇයි මට ඔයාව දැනෙන් නැත්තේ කියලා ?  මට සමාවෙන්න අම්මා. මට සමාවෙන්න . 🙂"

" දන්නවා ද අම්මා, ඔයා කිව්වා හරි. එයා මට ආදරේ කරලා නැහැ. මම ජිවිතේ නැතිකරගන්න තරම් දුකින් හිටපු වෙලාවේ එයා මාව තවත් රිද්දුවා. අම්මා මට සමාවෙන්න. එදා අම්මාට මං දොස් කිව්වේ නැත්තන්, එදා මං අම්මා කියන දේ අහලා අම්මාට පරිස්සමින් ගිහින් එන්න කිව්වානම්, අම්මා මාව දාලා යන්නේ නැති වෙන්න තිබ්බා. අම්මා , මට සමාවෙන්න අම්මා.😑"

රියෝන් එක හුස්මට කියාගෙන යන්න පටන් ගත්තා. රියෝගේ ඉකිබිදුම් එක්ක උනත් එයා කියන වචන තේරුම් ගන්න කුමී ට පුලුවන් කම තිබ්බා. රියෝන් ගේ  උරහිස තදින් අල්ලගත්තු කුමී රියෝන්ව තමන්ගේ පැත්තට හරවගත්තා.

වසත් කල මිලින මලක්🥀Where stories live. Discover now