02 CHAPTER

1.3K 221 11
                                    

________ 🖤🌹___________
___________________________________

කාමරයෙ දොර හැරගෙන ඇතුල් වෙද්දිම දුටු දෙයින් ඉහළට ගත්තු හුස්ම පහලට දාන්න අමතක වුණා වගේ හැගීමකින් ජන්ග්කුක් බලා සිටියේ මෙය කිසිසේත්ම විය නොහැක්කක් නිසාවෙනි.........

පණ අදිමින් ඇද මත සිටි තරුණිය ඇද මත නැහැ....

ගල්ගැසි මොහොතක් සිටිය ජන්ග්කුක් සිහියට ආ පළමු මොහොතෙම පිස්සෙක් වගේ නිවසින් එළියට ගියේ වියරු වැටුනාක් මෙනි...
වෙලාව රාත්‍රී 8 පහු වෙමින් පවති.. අදුරු වැටිලා කිසි දෙයක් හරිහැටි නොපෙනෙන තරමටම..... අක්කර 10කටත් වඩා වැඩි මේ විශාල ඉඩම තුළ තරුණියව කොහෙ කියලා හොයන්නද....

දෑතින්ම තම හිසකෙස් කැඩී යන තරම් වේගයෙන් ඇද ගනිමින් ජන්ග්කුක් ඒ මේ අත දිවුවේ තමන් සම්පූර්ණයෙන්ම භුක්ති විදින්න ගත් ගොදුරක් භාගෙට කා දැමූපසු ගොදුර නැතිවුණා මෙන් හැගිමකිනි...

" කොහෙද.........උබ ගියෙ........... කොහෙද ගියේ............ මගෙන් බේරිල උබට යන්න බෑ කොහෙවත්...........උබට යන්න බෑ......................." මන් කොහොමහරි උබව හොයාගන්නවමයි......එසේ සිතමින් ජන්ග්කුක් තම කාරය පණගන්වමින් එම නිවසින් පිටව ගියේ කළයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවයි.... එහෙත් ඔහුගේ සිත පුරා සම්පූර්ණයෙන්ම උඩු දුවන්නේ තරුණිය පිළිබඳව දැඩි තරහවක් , වෛරයක් පමණි.... මන්ද යත් ජන්ග්කුක්ට සියයට සියයක් තෘප්තිමත් හැගීමක් දැනෙන්නෙ තමන් ගොදුරු කරගත් තරුණියන්ව සියලු වධ හිංසා දී, රේප් කර,මරා දමා, තම දෑතින්ම වළ දැමූ පසුවයි................................

_______________________________

𝗧𝗵𝗿𝗲𝗲 𝗬𝗲𝗮𝗿𝘀 𝗟𝗮𝘁𝗲𝗿 »»

@𝗕𝘂𝘀𝗮𝗻 𝗚𝗼𝘃𝗲𝗿𝗺𝗲𝗻𝘁 𝗛𝗼𝘀𝗽𝗶𝘁𝗮𝗹

𝗦𝗲𝗺𝗶'𝘀 𝗣𝗼𝗼𝘃 :

අද වැඩ රාජකාරි බහුල දවසක් පැය 12ක් එක දිගට වැඩ කිරිමෙන් පසු ගතට දැනෙන වෙහෙස කියා නිමකරන්න බැරි තරම්.......

" ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කරන එක මෙච්චර අමාරුද....නිවාඩුවක් නැති තරම්..... පේශන්ට්ලා කොච්චර එනවද දවසකට, ඩියුටි කරලම මගේ පණ යයි.. ආයෙ හෙට උදේම එන්නත් ඕනනේ....."

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now