14 CHAPTER

882 181 67
                                    

_____________ 🖤🌹  ________________

  "ඩොක්ටර්.... "

සෙමීගේ හඬ ඇහුන පමාවට හැරුණු වෛද්‍යවරයා දෑස් හකුලගෙන වගේ තමන් දිහා කිහිපවතාවක්ම ඉහළ සිට පහළට බලද්දී සෙමීගේ තරුණ  සිත කඩවසම් වෛද්‍යවරයා ගැන අමුතුම හැඟීමකින් පිරෙන්න නම් වැඩි වේලාවක් ගියේ නෑ...

කවදාවත් නැති තරම් සෙමීට දැනුනේ තමන්ගේ  මුහුණ ලැජ්ජාවෙන්ම රතුවීගෙන යනවා වගේ .තවදුරටත් වෛද්‍යවරයා දිහා බලා ඉන්න බැරි බව දැනුන සෙමී මුහුණ බිමට  නැඹුරුකරන් බැලුවේ ඒහා පස ඇඳෙහි හිටිය රෝගි දරුවෙක් දිහයි.

" සෙමී...... එන්න මගේ ටේබල් එකට "

අතෙහි තබාගෙන පරික්ශා කරමින් හුන් වෛද්‍ය වාර්තා ඇඳ මත තැබු වෛද්‍යවරයා එසේ කියාගෙනම ගියේ සෙමීගේ ඇඟේ ගෑවි නොගෑවි වගේ.....
හිතට පිරුණු අමුතු හැඟීමත් එක්කම සෙමී හැරී වෛද්‍යවරයා පසුපසින් ගියේ ප්‍රතාපවත් විදිහට ඇවිදින ඔහුගේ දෙපා දිහා බලාගෙනමයි

ටේබල් එක ළඟටම ගිය සෙමී බෙල්ලේ රැඳි වෙද නලාවත් දෑතින්ම අල්ල අල්ල බිමට නැඹුරු කරගත් මුහුණින්ම හිටියේ හිස ඔසවාගන්න බැරිකමක් හිතට දැනෙද්දි .

සෙමී මොහොතක් කන්දිගෙන හිටියේ රෝහල් වාට්ටුවේ රෝගි දරුවන්ගේ හා හෙදියන්ගේ ඝෝෂා  හඬටයි. කෙළින් නොබැලුවත් හොරැහැට පෙනුනේ යුහුසුළුව එහාට මෙහාට දිවයන හෙදියන් වෛද්‍යවරුන්
හා පුහුණු වෛද්‍යවරුනුයි. හදිසියේ සිහිවුයේ වෛද්‍යවරයකුට තමන්ගේ රාජකාරි වේලාවන් තුළඳි පෞද්ගලික හැඟිම් වලට ඉඩක් නැතිබවයි.

ඒ දැනුන සිතුවිල්ලත් එක්කම සෙමී ඉක්මනින්ම බැලුවේ වෛද්‍යවරයා දිහයි.
සෙමී දුටුවේ එක අතක් පුටු ඇන්දෙහි තබාගෙන තමා දිහාම බලා ඉන්නා වෛද්‍යවරයයි.

කවදත් පළමු දැක්මෙන් කෙනෙකු වටහාගන්නා සෙමී බැලුවේ ඒ දෑස් දිහයි.
වෛද්‍යවරයා නිහඬවම අනෙක් අතින් පුටුව පෙන්නුවෙ ඉදගන්න කියලයි.

දෑස් දිහාම බලාගෙන සෙමී පුටුවෙන් ඉදගත්තේ තමන්ගේ ඉදිරියෙන්ම ඉන්නා ඔහුගේ දෑස් දිහා බලාගෙනමයි......

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now