31 CHAPTER

707 182 42
                                    

____________🖤🌹_____________

   මීට මොහොතකට පෙර තම ස්වාමියා එන බව දුරකථන ඇමතුමකින් දැන්වු නිසා, සැම්සන් බංගලාවෙන් පිටවෙන්න ගියේ ඔහු එන්නට පෙර තමන් පිටවිය යුතු බව මින්සොක් දැඩිව පවසා තිබෙන නිසයි...

ගේට්ටුවෙන් පිට වී පාරට අඩිය තියත්ම සැම්සන් දුටුවේ මින්සොක් පාර දිගේ දෑතින්ම ඇඳගෙන එන සෙමීවයි.. මේ පාළු බංගලාවට ලොවට හොරෙන් තරුණියක් රැගෙන
ඇවිත්, මරා දැමීම අළුත් දෙයක් නොවුණත් සෙමීගේ රූමත් රුව දුටුවම , සැම්සන් එතැනම නතරවුයේ කම්පනය වු සිතින්...

" මේ ...අර...මම බේරගෙන...ඉස්පිරිතාලෙ ඇඩ්ම්ට් කරපු ළමයා නේද ....මේ යකාට කොහෙන්ද ආයෙමත් මේ කෙල්ලව අහුවුනේ...අනේ ලස්සන කෙල්ල...මූ කරන අපරාධ දෙයියන්ටවත් පේන්නේ නැති හැටි...මේ පිස්සාගේ පව්කාර වැඩ වලට මාත් අහුවුණානේ "

සැම්සන් සිතින් සිතුවේ කවදාවත් නැති තරම් තමන් ගැනම සිතේ දැඩි කළකිරීමක් ඇති වෙද්දී .සිතේ මැවුනේ තමන් රවටා බංගලාවට ගෙන ආ...අහිංසක තරුණියන්ගේ මුහුණුයි...

මින්සොක් සෙමීව ඇඳගෙන ආවේ...කලකට පෙර තමන්ගේ දිව්‍ය භවනෙන් අතුරුදහන් වූ දිව්‍යාංගනාව නැවත ලැබීමේ සතුටින් සිත පිරී ඉතිරී යද්දී ... මනසපුරා මැවුනේ විවිධාකාර වදදිම්...මින්සොක් විශ්වාස කළේ එවායින් තරුණියන්ගේ පව් සේදි...ඔවුන්ගේ ආත්මයන් පහසුවෙන් දිව්‍යාලෝකයට ඇතුළත් වීමට හැකි මාර්ගයක් ලෙසයි...

" ඔව්....සෙමී ඔයාටත් මම එහෙම තමයි කරන්නේ ....මගේ ඔම්මා වද විදලා දිව්‍යාලෝකයට ගියා වගේ ඔයත් යයි...එයාගේ පාළුවට තමයි ...මම මේ ඔයාවත් යවන්නේ...ඔයා ගියාම එයාට ගොඩක් සතුටු හිතෙයි. ඊටපස්සේ වෙන කවුරුත් ඕනෙම නැහැ ...."

මින්සොක්ගේ මනසේ ඇඳුනු විකෘති රූප රාමු පෙළට හා සිතුවිලි වලට බාධාවක් වූයේ..
' දඩස් ' ගා යමක තමන්ගේ සිරුර හැප්පීමෙන්...

මින්සොක් වේගයෙන් පිටුපස හැරුනේ කේන්තියෙන්... ඒ තමන්ගේ සැනසිලිදායක සිතුවිලි වලට බාධාවක් වුයේ කුමක්ද යන්නැයි බැලීමට...

තම පිටුපසින් සිටගෙන සිටින සැම්සන්ව දැක්කම මින්සොක්ගේ සිතට දැනුනේ පිරි ඉතිරි යන කේන්තියක්...පාලනය කරගත නොහැකි කේන්තිය දරාගත නොහැකිව සෙමීව අතහැර දැමු මින්සොක් වේගයෙන් එහා මෙහා ඇවිද්දේ...දෑත් දෙකෙන් හිසට ගහ ගහ යමක් මතක් කරන්න වගේ...

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now