26 CHAPTER

674 182 76
                                    

__________ 🖤🌹 ____________________

        නම්ජූන් පඩි දෙක තුන නැඟලා අඩියට දෙකට ගියේ තමන්ගේ නැඟණියගේ කාමරයටයි. තත්පර කිහිපයකට හද භියෙන් වෙලා ගත්තේ කවදාවත් නොවු තරම්...

" පින්කී... පින්කී......"

නම්ජූන් කාමරයට ඇතුළු වුයේම කෑ ගසාගෙනයි. හිස් වු කාමරය දිහා එක් බැල්මක් යවපු නම්ජූන් තවත් එක් වරක්..කෑ ගැසුවේ හඬන්න ඔන්න මෙන්න ස්වරයෙන්.

"පින්කී....."

භියපත් වු සිතින්ම වහා හැරී කාමරයෙන් පිටවෙන්න යද්දිම...

" මොකද ඔප්පා කෑ ගහන්නේ......"

පින්කි බැල්කනියෙන් එළියට ආවේ කුතුහලය පිරුනු බැල්මෙන්...

" තමුසෙට කොහෙන්ද අර මල් හම්බවුනේ...කියනවා පින්කි මොකාද දුන්නේ ..."

වහා පින්කි වෙතට දුවගෙන ආව නම්ජූන් ඇසුවේ කළඹල වූ හඬින්...

" මොන මල්ද....මොකද ...අනේ වෙලා තියෙන්නේ ...."

"අර...තමුසේ සාලේ පොට් එකට දාලා තිබ්බ බ්ලැක් රෝසස් කවුද දුන්නේ...ඉක්මනට කියනවා...මට නාස්ති කරන්න වේලාවක් නැහැ ...."

" ඒ මල් වලිනුත් ඉන්වෙස්ටිගේට් කරනවද....ඒ මට හම්බවුනු එවා නෙමේ ඒවා ශෙනායට හම්බවුනේ ...එයා කැතයි කියලා විසික් කරන්න යද්දි මම ගෙනාවා....තමුසෙට ඉතිං...එයාට මලක්වත් දෙන්න වේලාවක් නැහැ නේ...පාරේ යන එවුන්...මල් පොකුරු පිටින් දෙන්නේ...."

" ශෙ....නා...යා....ට"

නම්ජූන් මුමුණ ගත්තේ තමන්ටමයි. පැහැදිලියි...ඊළඟ ඉලක්කය  ඇයයි....

" දැන්වත් පුළුවන් වේලාවට ...පිච්ච මලක්...වතුසුදු මලක් හරි ශෙනායට ගිහින් දෙනවා...මොනවා වුණත් මැරි කරන්න ඉන්න ගර්ල්නේ..."

පින්කි කෑ ගසා කිව්වේ කළඹලයෙන්ම නැවත කාමරයෙන් පිටවෙන නම්ජූන්ටයි...වහා මෝටර් රථයට නැග දුරකථන ඇමතුමක් ගත්තේ ශෙනායාටයි.. දුරකථනය නාදවන වතාවක් ගානේ නම්ජූන්ගේ හෘද ස්පන්ධනය වැඩිවුයේ කළු රෝස මල හා බැඳුනු මිනිමැරුම් ගනනාවක් මනසේ ඇඳි යද්දි ...

දෙතුන් වතාවක් දුරකථන ඇමතුම් ශෙනායාට ගත්තත් ඇය දුරකථනයට සම්බන්ධ නොවෙද්දි...භියපත් සිතින්ම නම්ජූන් වාහනය පාරට දමා යන්නට ගියේ ශෙනායගේ බෝඩිම දෙසටයි... නැවත වතාවක් නම්ජූන් දුරකථන ඇමතුමක් ගත්තේ වාහනය එළවන්න තරම් ගතේ සවියක් නැති තරමට අඩපණ වී ගෙන යද්දි... අවසානයට ගත් දුරකථන ඇමතුම දෙවන වර නාද වෙද්දිම එහා පසින් ඇසුනේ ශෙනායගේ හඬයි....

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now