07 CHAPTER

949 185 14
                                    

_________  🖤🌹  __________
_____________________________________

" අනේ....මාව...මරන්න එපා...මට යන්න දෙන්න....ඔයාව  මම දැක්කේ නැහැ නේ....
මට යන්න දෙන්න....කාටවත් මම මේක කියන්නේ නැහැ ....අනේ මාව මරන්න එපා..."

ජන්ග්කුක් බලාගෙනම සිටියේ දෑත් එකතු කර වැද වැටෙන තරුණිය දිහයි. මීට පෙර තරුණියන් රැගෙන ඇවිත් දස වද දී මරා දැම්මත් ඔවුන් ගැන හිතේ ආදරයක් තිබුණා .

එහෙත් අවුරුදු තුනකට කලින් ගෙනා තරුණිය ගැන දැනුන ආදරණිය හැඟීම අදටත් හිතේ එහෙම්මයි. වෙනත්
කෙනෙකුට නොදැනුන තරම්...

ඔවුන්ව මරා දමන්නේ ඔවුන් ගැන දැනෙන ආදරයටමයි. ජන්ග්කුක්ගේ අවසන් ආදරය සෙමීයි. ඇඟේ පැනයාම...හිත වඩ වඩාත් වියරු හැඟීමෙන්ම පිරෙව්වා...

වියරු ආශාවන් නිසාම...තරුණියන්ට  දස වද දුන්නත්....ඔවුන්ට මරණය ලඟා කරන්නේ වේදනාවක් නැතුවමයි.

එහෙත් සෙමීගේ පැනයාම ඒ හැමදේම වෙනස් කලා. ජිවිතය අයදින තරුණිය වෙත ජන්ග්කුක්  ලං වූයේ කිනිස්සක් අතැතිවයි..

මොහොතක් බලා සිටියේ...නිරුවත් තරුණිය දිහයි. දින දෙකක් පුරාවට තමන්ගේ වියරු ආශාවන් පිනවුවත්.....ඇය
සෙමී තරම් රූමත් නැහැ .තමන් අතින් මියගිය තරුණියන් ගනන දහතුනක්. ඒ හැමදෙනාම අතරින්...අදටත් ආදරයක් විසල් ලෙස දැනෙන්නේ සෙමීට විතරමයි..  ඒත් ඇය
තමන්ගේ අමරණිය ආදරයට පිටුපාලා පැනගියා.

ජන්ග්කුක්ගේ සිතට නැඟුණු වෛරි සිතුවිලි පාලනය කරගන්න බැරි වෙද්දි...අඩපණව ඇඳමත වේදානාබර ගතින් ජීවිතය අයදින තරුණිය මතට ජන්ග්කුක්  කඩා පැන්නේ...අමෝරා ගත් කිනිස්සත් එක්කමයි..

" උඹ කොහොමද සෙමී ...මගෙන් බේරුණේ....උඹට මම ආදරෙයි සෙමී.... සෙමී..............සෙමී...............සෙ.......මී...................මම උඹව කොහොම හරි හොයාගන්නවා ."

ජන්ග්කුක් කෑ ගමින් තරුණියට කිනිස්සෙන් ඇනගෙන ඇනගෙන ගියේ තරුණිය ලේ විලක් මැද්දේ මැරි යද්දී ...සුන්දර, සුකුමාල තරුණිය ලේ විලක් මැද්දේ මියගිහින් ඉන්නා හැටි ජන්ග්කුක්  බලාගෙන හිටියේ...හති දාන ගමන්...ඒත් සිතට තෘප්තිමත් හැඟිමක් නැහැ...බලහත්කාරයෙන් රැගෙන එන තරුණිය අනෙක  විදි දස වධ දී මැරුවත්...එ හැමවතාවකම මතක් වෙන්නේ සෙමීවයි...ඒ තමන්ගේ අසම්පූර්ණ දඩයමයි....තමන්ගේ ආදරයයි.

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now