_________ 🖤🌹 _________
_______________________________________" අනේ.....අම්මෝ....මට බැහැ ...."
" අනේ....මගේ කකුල.....රිදෙනවා ඩොක්ටර්...."
"අම්මෝ....රිදෙනවා....අනේ.....ඩොක්ටර්....මට ඉන්න බැහැ ...."
ජන්ග්කුක් පියවි සිහිය ආවත්...මොහොතක් සිටියේ දෑස් ඇර ගන්න බැරිව. හතර වටින් ඇහෙන්නේ මිනිස්සුන්ගේ ආඳෝනා....විලාප හඬවල්....කළඹලකාරි බවක්...නහයට දැනුනේ අමුතුම බෙහෙත් ගදක්....
බොහෝ අමාරුවෙන් දෑස් හැරගත් ජන්ග්කුක් නෙත් සිසාරා බැලුවේ...තමන් ඉන්න වටපිටාව ගැන වැටහීමක් නැතිවෙද්දි ...
" මේ මොන මඟුලකද මම ඉන්නේ..."ජන්ග්කුක්ට වම් පසින් ඇහුනේ හුරුපුරුදු කටහඬක්.ඒ දෙස හැරෙද්දි ඔහු දැක්කේ ඔහුගේ හොදම යාලුවා එතන වෛද්‍යවරයකු හා රණ්ඩු කරන ආකාරයයි...
" එයාව මෙහෙම ගවර්න්මන්ට් හොස්පිටල් එකක තියන්න බැහැ ...අපිට එයාව මේ දැන්ම ඩිස්චාර්ජ් කරගන්න ඕනේ....."
" ඔයා කියන විදිහට මේ පේශන්ට්ව එහෙම ඩිස්චාර්ජ් කරන්න බැහැ . පේශන්ට් කෙනෙක් හොස්පිටල් එකට ඇඩ්ම්ට් කරාට පස්සේ ...එයා පැය 24ක් යනකම් ..අපේ
රිස්පොන්සිබිලිටි එකක් ....අපිට එයාව ඩිස්චාර්ජ් කරන්න බැහැ ..."" ඕවා අපි දන්නේ නැහැ ඩොක්ටර් ...අපිට මේ දැන්ම ජන්ග්කුක් ව ගෙදර ගෙනියන්න ඕනේ..."
" ඔයා කිව්වට එහෙම බැහැ ...කිව්වම තේරුම් ගන්නකෝ...හොස්පිටල් එකක procedure එකක් තියෙනවා ....ඔයාට පේශන්ට්ට ගෙනියන්නම ඕනේ නම්....සර් එනකම් ඉන්න ඕනේ...දැන් සර් එයිද දන්නේත් නැහැ ...රෑ 10 ත් පහුවෙලානේ...එයා
දැන් තියටර් එකේ ඉන්නේ ....රෑ 11 වෙද්දී ආවේ නැත්තම් ...හෙට උදේ තමයි එන්නේ.."" අනිත් එක අපි පේශන්ට් ගේ බ්ලඩ් ලික් වෙන එක නතර කරාට අපි දන්නේ නැහැ ....එයාගේ හිස් කබල පුපුරලද ....නැද්ද කියලා ...x - ray එකක් එහෙම අරන් බලන්න ඕනේ..."
රිදුම්කන හිසත් සමඟ ජන්ග්කුක් බලා සිටියේ ..වෛද්‍යවරයා හා එකට එක කියමින් වාද කරන යුන්ගී දෙසයි. තමන්ට යන්න අවැසි නම් , hospital procedure එක පැත්තකට දමා යා හැකියි.
එත් ජන්ග්කුක්ට යන්නට සිතක් නැහැ .අනිවාර්යයෙන්ම තමන්ව රෝහලට ගෙන එන්නට ඇත්තේ ඇයයි. කාලෙකට පෙර ඔහුගේ සිත් ගත් තරුණිය, එදින රාත්‍රියේ ඔහුගෙන් පැනගිය තරුණිය මෙලෙස අහම්බෙන් තමන්ගේ දෑස් ඉදිරියට ඇවිත්...
ඉතිං ...තමා කෙසේ හෝ ඇය ගැන විස්තරයක් සොයාගත යුතුයි . අමාරුවෙන් වදන් එකතු කරගත් ජන්ග්කුක්,
YOU ARE READING
🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
Fanfictionතමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29...