15 CHAPTER

855 179 37
                                    

___________ 🖤🌹 _____________________

      ලැබුණු දුරකථන ඇමතුමත් සමඟම මුළු මොළය පුරාම විදුලි දහරාවක් ගියා වගේ...මොහොතකට පෙර තිබුනු සිතුවිලි දහරාවම වෙනස් වුණා වගේ..දිනය පුරාම වෙහෙස වී තිබුණු ගතට ක්ෂණිකව  ශක්තියක් ලැබුණා වගේ ජේකේ ඇදෙන් නැඟිට්ටේ වියරු හිනාවක් මුවපුරා ඇදෙද්දි...

මෝටර් රථය එලවාගෙන ගියත් මනසපුරා හොල්මන් කලේ අවුරුදු කිහිපයක් පුරාවටම දඩයම් කල තරුණියන් ගැන මතකයන්.
අවුරුදු තුන හතරක් පුරාවටම ගොදුරු වු තරුණියන් ගැන ජේකේ එකින් එක මතකයන් මතක් කරේ සිත සතුටින්ම පිරි යද්දි...

ඒත් සෙමී ගැන මතකය ජේකේගේ මතකයට නැඟුණේ හද පාරවමින්. ජිවිත කාලයෙම දුටු සොඳුරු රැවැත්තියක්. තමන්ගේ විකෘති ආශාවන්ට ගොදුරු වුවත් දිව්‍ය විමානෙන් රැගෙන ආව දිව්‍යාංගනාවක් වගේ ජේකේට සෙමී ගැන දැනුනේ

අදටත් සිත වද වෙන්නේ තමන්ගේ භූමියේ ඒ දිව්‍යාංගනාව මිහිදන් කරන්න බැරිවුණා වගේ හැඟීමක්... අනෙක් තරුණියන්ගේ සොහොන් ගැබවල් උඩ කළු රෝස පැල හොඳින් පැළවෙලා මලින් බරවෙලා තිබුණත්....  ජන්කුක් ට ඒවායේ ලස්සන නොපෙනෙන තරම්....හිතට දකින්න අවැසිම සෙමීගේ සොහොන් ගැබ මත පැළවි තිබෙන කළු රෝස මල් දකින්නමයි...

සෙමීගේ මතකයෙන් හද පාරවද්දි මෙතෙක් හිතේ තිබුණු වියරු කුරිරු සතුට නැතිවි ගිහින් ...ජේකේගේ හිතේ සෙමී ගැන තෘෂ්ණාවක් පිරුනේ හිතම නොසන්සුන් කරන ගමන්...

හිතපුරා දැනුනේ සෙමීව කොහෙන් හෝ සොයාගෙන ඇවිත් නැවත වරක් භුක්ති විඳින්නයි.....තමන්ගේ වත්තේ මිහිදන් කරන්නයි.

නොසන්සුන් සිතුවිලි වැඩි වැඩියෙන්  දැනෙද්දි කේන්තියෙන් දත්මිටි කැවෙන ගමන් වාහනය වේගය වැඩිවුනේ සෙමීගේ රුවම මනසපුරා ඇදෙද්දි... ජේකේට දැනුනේ තමන් ඇයව කොහේ හෝ දැක්ක බවක්මයි.

" මම ....සෙමීව දැක්කා වගේ මතකයක් තියෙන්නේ ඇයි....ඇත්තටම මම සෙමීව දැක්කද? නැහැ ...නැහැ මම සෙමීව කොහේ හරි දැක්කා...කලින් මට මතක තිබ්බේ සෙමීගේ හුරුබුහුටි පෙනුමක්  එක්ක ලස්සනක්.. දැන් මට මතක් වුනේ මැචුවර්ඩ් ලුක් එකක් එක්ක .....ඒ කියන්නේ මම සෙමීව ළඟදි දැකලා තියෙනවා සෙමීව මට මතක් වෙන්නෙම ස්ටෙතොස්කෝප් එකක් එක්කමයි...ඒ කියන්නේ සෙමී ඩොක්ටර් කෙනෙක් මම සෙමීව ළඟදි දැකලා තියෙනවා .....ශිට් මට එයාව මිස් වෙලා. එහෙම කොහොමද වෙන්නේ..."

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now