19 CHAPTER

686 174 22
                                    

___________ 🖤🌹 _____________

  
        මිස්ටර් හං හිටියේ සෙමීගේ කාමරයේ දොර ළඟටම වෙලා.... හැමදාමත් විවාහ යෝජනාවක් ගැන සෙමීට පැවසු සැනින් ප්‍රතික්ෂේප කිරිම සාමාන්‍ය සිදුවීමක්. අද කවදාවත් නැතුව සෙමීගේ සංසුන්කම හිතට ගෙනාවේ ප්‍රශ්නාර්ථයක්.....

යූරා කාමරයෙන් එලියට ආවේ පපුවට අතකුත් තබාගෙන...

" දුව කැමති වුණා නේද ?"

" ඒකනේ හං මට හිතාගන්න බැරි ..."

" අර සිද්ධිය නිසානේ දුව ඕවට අකැමැති ...මතකනේ ඩොක්ටර් කියපුවා
දැන් කාලයක් ගිහින් නිසා හිත හැදිලා ඇති .."

" ඕවා මතක් කරන්න එපා අනේ ....ඇහේ දාන් හදපු දරුවා...අන්තිමට වුණු අපරාදේ අපි ඕවා දන්නවා කියලා දන්නවනම්...ළමයගේ පපුව පැලෙයි "

" දැන් ඉතිං වුණ දේ වුණා බලමුකෝ අද එන ළමයා කොහොමද කියලා ...."

____________________________________________




   
Time Skipped.....







     කාමරයෙන් එළියට පැමිණි සෙමී මඳක් බිත්තියට හේත්තු වී කල්පනා කලේ පහළට යනවද නැද්ද යන දෙගඩියාවෙන් .අතට අහුවුනු මඳක් පරණ කොළ පැහැති ගවුමෙන් සැරසි කිසිම ආලේපනයක් නොතවරා පෝනිටේලයක් දමා සැරසුණේ ඕනෑවට එපාවට මෙන්.

හෙමිහිට ඇවිදගෙන තරප්පුව බැහැගෙන ආව සෙමීට ඇහුනේ හුරුපුරුදු හඬක්...වහා හිස ඔසවා බැලු සෙමී දුටුවේ මින්සොක්ව....

හිතට දැනුන පුදුමයෙන්ම විසල් නෙතින් මින්සොක් දිහා බැලු සෙමීට වහා බැලුනේ තමා ඇඳ සිටි ඇඳුම දිහා . සිතට දැනුනේ ලැජ්ජාවක්.... තමා මීට වඩා පිළිවෙළට රෝහලට යන බව සිතුනු සෙමී ආපසු හැරුනේ කාමරයට යාමටයි.

" ආ ....දුව.....එන්න .....දැන් මේ පුතා ඇවිල්ලා ගොඩක් වෙලා...."

මින්සොක්ව දුටු ගමන් යූරාගේ සිතට දැනුනේ සතුටක්... කඩවසම් බවත් එක්ක තිබුණු නිවුනු බව සිත් ගත්තා... තම දියණියටම ගැලපෙන කෙනෙක් බවමයි සිතට දැනුනේ...
සෙමීගේ හැසිරීම , ප්‍රතික්ෂේප කිරීම හොඳාකාරවම දන්න යූරාගේ සිතට එක් කළේ භියක්.
" දුව....මේ ළමයාවත් එපා කියයිද...දුවටම ගැලපෙන පෙනුමක් තියෙන්නේ ...."

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now