05 CHAPTER

1K 206 18
                                    

__________  🖤🌹  __________
___________________________________

   රෝහලේ සිහිසුන් වීම නිසා සෙමී දින දෙකක් යන තෙක් ලෙඩ නිවාඩු දමා ගෙදර  නතරවුයේ...අසණීප තත්වයට වඩා ජන්ග්කුක්  ගැන සිතේ ඇතිවි තිබෙන භියටයි...

තමාව ගොදුරු කරගත්  දුශිතයා ජන්ග්කුක්  යැයි සියයට සියයක් විශ්වාසයක් නැතත් , ඔහුගේ  සිරුරේ පෙනුම සෙමීට මතක් කරේම තමන්ගේ ජීවිතය අපායක් කර දැමු
පුද්ගලයාමයි.

කාලෙකට පෙර සිදුවු ආභාග්‍ය සම්පන්න
ඉරණම තම දෙමාපියන් හට නොකිවේ එවකට ඔවුන් විදෙස් ගතව සිටි නිසාත්,
තමන්ගේ එකම දියණියට එවැනි රුදුරු ඉරණමකට මුහුණ පාන්න සිදුවු බව දන්නේ නම් , ඔවුන් දැඩි කම්පනයකට පත්වෙන බව දන්න නිසයි....

දින දෙක පුරාම නිවසේ රැදි සිටි සෙමී වැඩි කාලයක් ගතකරේ කාමරෙයෙයි... නිදාසිටි සෙමීට එකවර දැණුනේ තම මුහුණ කවුරුන් හෝ ස්පර්ශ කරන බවකි.... එකවරම තිගැස්සී ඇහැරුණු සෙමීට එය තම හිතේ වූ මනස්ගාතයක් යැයි සිතුනා..

එහෙන්ම ඇදෙන් නැගිට තම ඇද ඉදිරියේ ඇති කණ්ණාඩියෙන් ඇය, ඇගේ දෙසම බලාගෙන සිටියදී මීට වසර 03 කට කලින් ඇය මුහුණ දුන් එම සිදුවීම මැවී පෙනෙන්නට විය........

" මට තවත් මේක කරන්න බැහැ...මන් මෙහෙම ගෙදරට වෙලා හිටියොත් මට පිස්සු හැදිලා තමයි නවතින්නේ.... මන් කොච්චර අමාරුවෙන්ද ඒ දේවල් අමතක කරලා හිත හදගෙන ජීවත් උනේ....."

"ඒත්.......... ඒ......... වැළලුනු අතීතය ආපහු මගෙ ඉස්සරහටම ඇවිත්....... ඒ..ඒ...මනු.....ස්සයා.... ඇත්තටම එදා මට එහෙම කරපු කෙනා කියල මට මෙච්චර හිතෙන්නේ ඇයි??........ ඒත් ජන්ග්කුක් ඒ කෙනා නොවෙන්නත් පුලුවන්, මට තේරෙන්නේ නෑ මේ මොකුත්ම ඒ මනුස්සයව දැක්කම මට මෙච්චර භය හිතෙන්නේ ඇයි....... හැමදාම මෙහෙම භයෙන් මට ගෙදරටම වෙලා ඉන්නත් බෑනේ........"

එසේ සිතූ සෙමී,,

තමන් ගෙදරටම වෙලා හිඳීමෙන් සිදුවෙන්නේ
තමන්ගේ හිතට වඩ වඩාත් තමන් මුහුණ පෑ දරුණු සිද්ධිය මතක් වීමෙන්.....තමන් තව තවත් මානසික අවපාතයකට මුහුණ පාන්නට සිදුවීමයි.... ඒ නිසාම සෙමී තීරණය කළේ හෙට සිට නැවත ඇගේ ඩියුටි සදහා පිටත් වීමටයි...


🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now