20 CHAPTER

713 172 28
                                    

__________ 🖤🌹 _________________

     සෙමී ආයාසයෙන් උත්සාහ කළේ තදින් වැසුණු නෙතු පියන් අසීරුවෙන් හැර ගන්නයි.
කිසිම දෙයක් කල්පනා නොවෙන තරම්..
ගතට දැනෙන අපහසුව දරාගන්නට බැරිතරම් තද හිසේ කැක්කුම , අත පය ඔසවන්නට නොහැකි තරම් ගතේ අඩපණ බව හා අධික බඩේ කැක්කුම ,සිහි විකල් වෙන තරම්
හිස ඇතුළේ මනෝ විකාර රූපි මැවුනේ පෙනෙන්නේ මොනවද කියාවත් තේරුම් ගන්නට බැරි වෙද්දී ....

සෙමීට දැනුනේ මුඛයට අමුතු අප්‍රසන්න
බවක්...ඉබේටම වගේ අනෙක් පස හැරුනේ බඩ කැලති ගෙන ඔක්කාරයට එද්දි බිමට වමනය කරේ මහා හඬින් ඔක්කාරය දෙන ගමන්. කහ පැහැති වතුර වගේ වමනය ගියේ උදෑසන ඉදන්ම කිසිම කෑමක් නොකෑ බව මතක් කර දෙමින්...

සිරුරෙන් භාගයක් ඇඳ මතත් හිස හා දෑත් ඇඳෙන් පහළට කඩා වැටි සෙමී ඔහේ
හිටියේ කරන දෙයක් මනසට කල්පනා නොවෙද්දි....
අඩ හෝරාවක්ම ඔහේ වැතිර සිටිද්දී ගතට
වාරු නැති වුණත් කෙමෙන් කෙමෙන් සිහිය එද්දි දෑස් කරකවා බැලුවේ ඉන්න තැන ගැන නිනව්වක් නැති වෙද්දි....

යාන්තමට වගේ සෙමීට මතක් වුයේ තමා බස් රථයෙන් බැස කාරය ළඟට දුව ගිය සැටිත්.. නාඳුනන පුද්ගලයාට භියෙන් දුවන්න තැත් කරද්දී ඔහුගේ දෑතට සිරවි ලේන්සුවෙන්
මුව වැසි ගිය අයුරුයි...

සිතට දැනුන එකම දෙය තමා කාගේ හෝ ග්‍රහණයකට හසුවී ඇති බවක් විතරයි . දෑස් ඔසවා බලද්දී නෙත ගැටුනේ බිත්තිය මත
ඇති ඔරලෝසුවක් වේලාව සවස 6.10 යි.

සිතට නැඟුණු එකම දෙය... " මම කොහොම
හරි මෙතැනින් පැනගන්න ඕනේ ..." යන සිතුවිල්ල විතරමයි...

දෑතම ඇඳට තියා අමාරුවෙන් ඇඳේ හිඳ නැඟිටගත්තේ ඉන්නා තැනින් කෙසේ හෝ ගැලවි පැන දුවන්නයි. දුවන්නට තැත් කරද්දිම තමා දැමු වමනය පෑඟී ලෙස්සිලා වැටුනේ ඇඳ කොනක හිස වැදි ලේ ගලා යද්දී...හිසේ වේදනාවටත් වඩා සෙමීට දැනුනේ තමන්ගේ වමනය උඩ වැටීමෙන් ඇතිවුණ  අප්‍රසන්න බව...

අතක් ඇඳටම තබා නැවත අමාරුවෙන් නැඟිට විසික් වෙවි දොර ළඟට ගිහින් දොර අඟුලට අත තියා කරකවන්න හදද්දිම ඇරුණු දොරින් මතු වුයේ කෙටි කොට කළිසමකින් සැරසි මුළු මුහුණම කළු පැහැ රෙදි කඩකින් වසාගෙන නාදුනන පිරිමි රුවක්.

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now