30 CHAPTER

689 171 74
                                    

____________ 🖤🌹_________________

     එහා පසින් ඇහුනු දෙය විශ්වාස කරන්න බැරිවුණ ජන්කුක්ගේ අතින් දුරකථනය ගිලිහි බිමට වැටුණත් ඔහේ හිටියේ කම්පනය වුණු මනසින්. මොහොතකට දැනුනේ...මොළයේ කිසිම සිතුවිල්ලක් ඉපෙදෙන්නේ නැහැ වගේ හැඟීමක් ..

" සර්....යුන්ගී එයාගේ කාමරයේ සූසයිඩ් කරගෙන ..."

නැවත නැවත ඒ වදන් හිස පුරා ඇසුනේ ජන්ග්කුක්ව යථාතත්වයට පත් කරගන්න වගේ.

දෙමාපියන් ,සහෝදර සහෝදරියන්ගෙන් ඈත්වි ගත කරන ජිවිතයේ තමන්ට සිටිය එකම විශ්වාසවන්ත සඟයා...අහිමිවීම හිතට ඒත්තු කරගන්න බැරිව ජන්ග්කුක්  ඔහේ හිටියා. ..

සිතුවම් පටයක් වගේ යුන්ගි හමුවුන දා ඉදලා...එදින හවස් වෙනතුරුම යුන්ගීගේ මතකයන් වේගයෙන් මනසේ ඇඳීයද්දි...දැඩි සිතුවිලි වලින්ම හෙබි සංවේදිභාවය අඩු ජන්ග්කුක්ගේ හිත දුකින්ම මිරිකි ගියේ...ආයේ කෙදිනකවත් යුන්ගී තමන් සමඟ නැතිවග සිහිවෙද්දී...එහෙම්ම ඇඳ පාමුලට රූටලා ගිය ජන්ග්කුක් මහා සද්දෙන් අඬන්න පටන් ගත්තේ දෑතින්ම පොළොවට ගහන ගමන්.

" ඇයි...උඹ මාව දාලා ගියේ....උඹ නැතුව කොහොමද මම ඉන්නේ යුන්ගී ....."

එකම වදන් ටික නැවත නැවත මුමුණ මුමුණ හැඬුවේ...තමන්ගේම කෙනෙකු නැතිවුණ හැඟීම හිත වඩ වඩාත් පෙළෙද්දි...

________________________________________________

   

    සිත හදාගත්ත ගමන් ජන්ග්කුක්  වහා ගියේ යුන්ගී නතරවී සිටි නිවහනටයි. වාහනයෙන් බැසගත් ගමන් ..ජන්ග්කුක්  නිවසේ රැස්වී සිටිය කිසි කෙනෙකු දීහා නොබලා..කෙළින්ම ගියේ යුන්ගිගේ කාමරයටයි. කාමරයට ඇතුළු වු ගමන් නතරවු
ජන්ග්කුක්ගේ දෑස් ගියේ...ඇඳ කෙළින්ම ඇති විදුලි පංකාවේ...පොරොණයකින් එල්ලී ඇති ප්‍රාණය නිරුද්ධ යුන්ගිගේ මළ සිරුර දිහාවට..

මීට හෝරාවකට පෙර මියගිය නිසාම තවමත් යුන්ගිගේ මුහුණ ජීවමානයෙන් පෙනෙද්දි..මහා හඬින් ඇඬෙන්නට සිත බල කෙරෙද්දි..රිදෙන්නම තොළත් හපාගෙන එතැනින් ඉවත් වුයේ...සමාජය ඉදිරියේ මවාගත් ප්‍රතිරූපයට හැඬිම සුදුසු නැති වග හිතට  දැනෙද්දි ..

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Donde viven las historias. Descúbrelo ahora