22 CHAPTER

730 178 55
                                    

___________ 🖤🌹 _______________

    

       උදෑසන මින්සොක් ඇවිත් ගිය පසු සෙමීගේ සිත ආදරණීය සිතුවිලි වලින් පිරි තිබුණත්.. මින්සොක්ගේ දුරකථන ඇමතුමත් සමඟ සෙමීගේ සිත පත්වුයේ කැළඹිලි ස්වාභාවයටයි...

වසර තුනකට පෙර තමා මුහුණ පෑ භායනක සිදුවීම..බොහෝ අපහසුවෙන් අමතකකර
දමා ජීවිතය ඉදරියට ගෙන ගියත් සති කිහිපයකට පෙර ජන්ග්කුක්ගේ මුණ ගැසීමත් සමඟ අතීතයේ භියකරු අත්දැකීමේ මානසික කම්පනය නැවත නැවත අත්වින්දේ..සිත භීතියෙන් මෙන්ම කම්පනයට පත් කරමින්.

ජන්ග්කුක් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඉහළ පළන්තියේ..කඩවසම් පුද්ගලයෙක් වුවත් ජන්ග්කුක්ව දුටු මොහොතේ සිටම සෙමීගේ සිත තර්ක කළේ මිනිමරු ස්ත්‍රී දූශකයා මොහුමද කියයි.... තමා පැහැරගත් දිනයේ ජන්ග්කුක්ගේ ටැටු එක දුටුවත් එය මඳක් වෙනස් බව සිතුනා.

මේ මොහොතේ සෙමී තදින් දෑස් පියා සිත අතීතයේ ඒ භියකරු මොහොතට ගෙනගියේ...මතක ඇති සුළු දෑ වුවත් හොඳින් මතක් කරන්නටයි...

එදින ජන්ග්කුක්ගේ ටැටු එක වෙනස් බව දැනුනත් මේ මොහොතේ සෙමීට සිතුනේම ඒ ටැටු එකත් ජේකේගේ ටැටු එකත් සමානයි දෝ කියයි.... සිරුරේ හැඩය , උස ජන්ග්කුක්ට බොහෝ සමානයි.
ඒ වගේම රෝහලට පැමිණ ජන්ග්කුක්  කළු රෝස මල් කළඹක් දීම කිසිසේත්ම අහඹු සිදුවීමක් නම් වෙන්නට බැරි බව..මේ මොහොතේ සෙමීට සිතුනා....

මීට මොහොතකට පෙර මින්සොක් ජන්ග්කුක් පිළිබඳ පැවසු තොරතුරු අනුව තමාට කාලයක් මුළුල්ලේ කළු රෝස මල් එව්වේ ජන්ග්කුක්  බවත්....තමන්ව පැහැරගෙන ගොස් දූෂණයට ලක් කළ..මිනිමරුවා ජන්ග්කුක්  බව සියයට සියයක් විශ්වාස කළ සෙමී අවසානයේ තීරණය කළේ පසුදින සියලු විස්තර ASP නම්ජූන්ට පැවසිය යුතු බවයි .....

____________________________________________

Next Day Morning >>>

      පසුදින උදෑසන අවදිවුණ නම්ජූන් දෑස් පියාගෙනම...දාම මිනිමරු අපරාධකාරයා ගැනම කල්පනා කළේ....උදෑසනම අවදි වුණ
මොහොතේ සංසුන් මනසින් බොහෝ නිවැරැදි තීරණ ගැනීමට හැකිබව අත්දැකිමෙන්ම දන්නා නිසයි...

🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy)  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️Where stories live. Discover now