___________ 🖤🌹________________
____________________________________ජන්ග්කුක් සිටියේ සාලයට වී එහාට මෙහාට ඇවිද ඇවිද. තමන්ගේ වැඩවලට බාධාවෙන අයෙක්ට තර්ජනය කිරීම අළුත් දෙයක් නොවුණත් , ගැහැනියකට කිසිදා තරජන ගර්ජන කර නැහැ .
ඒ ගැහැනියක් ... ගැහැනුන් අතේ දුරින් ආශ්‍රය කිරීම ජන්ග්කුක් ගේ සිරිතයි...
තමන්ට මේතාක් කාලයකට ප්‍රශ්නයක් ඇතිකළ එකම ගැහැනිය සෙමීයි... එයත් සුළුපටු චෝදනාවක් නෙමේ
"අතුරුදහන් වු තරුණියන් "
පිළිබඳවයි... තමන්ව මිනිමරුවෙක් ගානට දැම්ම චෝදනාවක්" ඇත්තටම සෙමී...ඇයි එහෙම කළේ..
මාව සැකයි කිව්වේ ඇයි?? මම බ්ලැක් රෝසස් බොකේ එකක් දීපු නිසාම වෙන්නත් බැහැ .
මාව දකින හැමවතාවකම සෙමී ගොඩක්
භයවෙනවා. ඒ ඇයි මාව දැක්කම මිනිස්සු භයවුණාට සෙමීට මට භයවෙන්න හේතුවක් නැහැ නේ...""මේ වැඩේ නම් අද කොහොම හරි කරන්න ඕනේ මට පොලිස් ස්ටේශන් ගානේ නම් රිංගන්න බැහැ ....එකත් මර්ඩර් කේස් එකක් වගේ එකකට"
හිසත් බිමට නැඹුරු කරගෙන එක එක සිතුවිලි සිතමින් සිටිය ජන්ග්කුක් හිස එසෙව්වේ නිවසට ඇතුළු වුණු වාහනයේ හඬින්. වාහනය නවත්තනවත් එක්කම ජන්ග්කුක් ඒ දිහාවට ගියේ ඉක්මන් ගමනින්
යුන්ගී ඇතුළු අනෙක් සේවකයන් තිදෙනා වාහනයෙන් බැස එකිනෙකාගේ මුහුණ බලමින් ඉන්නා අතරේ ජන්ග්කුක්
ඉක්මන් ගමනින් ඇවිදගෙන ආවේ.." කෝ...... සෙමී ....
" ඇතුළේ ඉන්නවා සර්....."
ජන්ග්කුක්ට දැනුනේ පුදුමයක්.... සෙමීව රැගෙන එන්න ඇත්තේ බලෙන් ...
" ඇතුළේ සද්දයක් නැතුව ඉන්නේ තොපි
කෙල්ලව භය කරාද ?"වාහනය අසලට ගිය ජන්ග්කුක් එහි දොර අරිද්දි දුටුවේ මළකඳක් සේ අසුනක වැතිර සිටින සෙමීවයි... කැලබුනු සිතුවිලි වලින් පිරි තිබුණු සිත කේන්තියෙන් පිරෙන්න ගියේ මොහොතයි.
" මොනවද යකෝ...මේ කරේ....මම උඹලට කිව්වා නේද ....භය කරලා විතරක් කෙල්ලව ගේන්න කියලා මොන මඟුලකටද ක්ලෝරෝෆෝම් අල්ලන්න ගියේ..."
YOU ARE READING
🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
Fanfictionතමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29...